Jimin pov," ජන්කුක් "
" ඔයාට පහසු විදිහට ඉන්න ජිමින් "
" හ්ම් "
වාහනේ එන තුරාවටම එකම වචනයක්වත් පිට නොකරපු ජන්කුක් මට කතා කරන්න ඕනි උනාහමත් දුන්නේ සරලම උත්තරයක් . ඒ වගෙම කිසිම හැගීමක් නැති කටහඩකින් . අපි දෙන්නම ආවෙ ජන්කුක්ගෙ අප්පා අරන් දුන්න අලුත් ගෙදරකට.
එයා ඔහේ පඩි ටිකත් නැගගෙන යන්න යන විදිහ බලන් හිටපු මම එහෙමම මට හොදයි කියලා හිතුන කාමරයක් හොයාන ගිහින් වොශ් එකක් දාගත්තෙ දැනටමත් පාන්දර වීගෙන ඇවිදින් තිබුන නිස වගෙම දැනුන අධික තෙහෙට්ටුව නිසා.
" Good morning ජන්කුක් "
" Good morning ජිමින් "
" ඔය කොහෙ හරි යන්නද?"
" හ්ම් "
" එන්න කෑම කාලා ඉමු "
" හ්ම් "
වෙනද වගෙම උදෙන් ඇහැරුනු මම අපි දෙන්නටම කෑම හැදුව වගෙම කොහෙදෝ යන්න ලෑස්ති වෙලා පහලට ආව එයාට මන් කතා කරනකොට එයා ආයෙ ආයෙම සරලම උත්තර දුන්නා.. අහපු දේට පිළිතුරක්. එච්චරයි ..
ඉස්සර වගෙ නම් එයා මට කියක් දේවල් කියයිද? කරයිද? එයාට මොකක්ද උනෙ. රොබෝ කෙනෙක් වගෙ කෑම මේසෙට ආව ජන්කුක් කෑම බෙදාගෙන කන්න ගන්නකොට මන් ඒ ලගටම වෙලා බලාන හිටියා . එයා කෑම ටික පවා කෑවෙ හැගීමක් නැතුව එයා අඩුම එ කෑම එකෙ රසවත් වින්දද? එහෙම කියලා හිතෙන තරමට එයාගෙ ඇස්වලවත් හැගීමක් නැතුව යනකොට එයාගෙ මේ වෙනසට මන් ඕනිවටත් වඩා පුදුම උනා.
" මන් යන්නම් "
" හ්ම් "
කෑම කලා ඉවර උනු එයා වචන දෙකකින් කතා කරනකොට මන් සරලවම උත්තරයක් දුන්නා.
එදා දවසම එයා ගෙදර ආවෙ නැ. මන් බලන් හිටියා අපෙ ගෙදර ඉදන් එයා එනකන්. එත් එයා එන්න රෑ උනා..
"ජන්කුක් "
" ම්.."
" රෑට කෑවද?"
" හ්ම්.."
එයා කාමරේට යන්න ගියාම මන් ආයෙම කිචන් එකට ගියා. රෑ 11 පහුවෙලා තිබුන වගෙම මමත් කෑම නොකාම බලන් හිටියෙ එයා එනකන්. එත් මට කන්න පිරියක් නැතුව ගියා. කෑම ටික අයින් කරපු මම කාමරේට ඇවිදින් යුනි යන්න ඔනි කරන බඩු ටික හැදුවා .
STAI LEGGENDO
Tears of Love ( Jikook - Complete )
Fanfictionනෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සගවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... Published- 2022/10/28...