🎋 06 Chapter 🎋

395 128 11
                                    

 Author pov,

     
   ජිමින් හිටියෙ ජන්කුක් එක්ක යුනි එකේ පාර්ක් එකට යන ගමන්  . ලෙක්චර් ඔක්කොම ඉවර වෙනකොට තරමක් හවස් වෙලා තිබුනා වගෙම එයාලා ලෑස්ති උනේ බඩු ගන්න සුපර් මාකට් එකට යන්න. මෙ ටිකෙ ජිමින් හිටියෙ හිත යටින් තරමක් සතුටු වෙන ගමන්. අවුරුදු ගානකින් ඒ පුන්චි හිතේ සතුටක් ඇදිලා තිබුනා . එයාට තේරුනා වෙනද වගෙ ජන්කුක් එයත් එක්ක කතා නොකරත් වෙනදාට වඩා එයා ගැන හොයලා බලනව කියලා. මහ  ලොකු දෙවල් නෙමෙ. පුන්චි දේවල්.

හරියට බැලුවොත් මේ දැන් ටිකකට කලින් ජිමින්ගෙ ලෙක්චර් එක ඉවර වෙනකන් එයාගෙ ක්ලාස් එක ලගට වෙලා හිටන් ඉන්න එක වගෙ දේවල්.. ජිමින්ට ජන්කුක්ගෙන්  එ වගෙ පුන්චි රියැක්ට් එකක් පවා ඇති උනා මහා ගොඩක් සතුටු වෙන්න. ඉතින් එයා දැන් ටිකක් සතුටෙන්. එයා ආයෙම යුනි ඇවිදින් දැනට මාසයක් වෙනව. එ වගෙම තව මාසෙකින් එයාලගෙ 4වෙනි ඇනිවසරි එක! මෙ පාරත් අනිවාර්යෙන්ම ජන්කුක්ගෙ අප්පා ලොකු පාටියක් දමාවි එ දෙන්න වෙනුවෙන් . එත් ජිමින්ට  ඕනි උනා මේ පාර ඇත්තටම ජන්කුක් එක්ක එයාලගෙ ඇනිවසරි එක සමරන්න. එයාට තව දුරටත් එහෙම ඉන්න ඔනි උනෙ නැ.

හිතේ ඇති වෙච්ච සතුටට රතු උනු ඒ පිරුනු කම්මුල් දෙක බිමට බර කර ගන්න ගමන් ජිමින් කරෙ ජන්කුක්ගෙ පස්සෙන්ම යන එක...

ඒත් එක පාරටම ඇහුන කටහඩ නිසා ජන්කුක් හිටපු තැනම නතර වෙනකොට බිම බලන් ගියපු ජිමින් ජන්කුක්ගෙ පිටිපස්සෙ මූන හප්පන් නහයත් පිරි මැද මැදම එයාගෙ හස්බන් දිහා බැලුවා .  

එයා දැක්කා ජන්කුක් ආපස්සට හැරෙනව වගෙම කොහෙදො බලන් ඉන්නවා. එ වගෙම අර හඩ ආයෙම ඇහුනා..

" ජ..ජන්කුක් "

ගැහැනු කෙනෙක්. එතන හිටියෙ තරුන ලස්සන ගැහැනු ලමයෙක්. තනියම නෙමෙ ජන්කුක්ගෙ යාලුවොත් එක්කම.

"රියා"

ජන්කුක්ගෙ කටින් පිට වුනු  ඒ අකුරු දෙකේ නම ඇහෙනවත් එක්කම ජිමින් හිර උනා.
ජන්කුක් ජිමින් හිටපු තැනින් ඉස්සරහට අඩියක් තියනකොට එයාලට තරමක් ඈතින් හිටිය ඒ ගෑනු ලමයා රියා ජන්කුක් ලගට දුවගෙන ආවෙ හරිම ඉක්මනින්. ඒත් එක්කම ජන්කුක්ගෙ  ඉස්සරහට දික් උනු අත් ඇතුලට පැන ගත්ත ඒ ගෑනු ලමයා ජන්කුක්ගෙ බදවටා කකුල් යවමින් ජන්කුක්ව තදින්ම වැලද ගන්නකොට ජිමින් අඩි දෙකක් පස්සට උනා.

Tears of Love ( Jikook - Complete  )Where stories live. Discover now