🎋 01 Chapter 🎋

838 143 52
                                    


Author pov,

" ආව් "

" ඔප්ස් සොරි... වැටුනා නේද රිදුනද? "

" කමෝන් ලීසා මෙයාට කොහොම රිදෙන්නද? එ වගෙ දේවල් එයාට හොදටම හුරුයි "

" එකත් ඇත්ත තමා. මන් මොකට සොරි කියනවද? එකත් මෙ වගෙ තර්ඩ් ක්ලාස් බිච් කෙනෙක්ට"

" ප්..ලීස් ම..මට යන්න දෙන්න "

" ඕහෝ.. මෙන්න මෙයා අදත් අඩන්න අරන්. ඊව් ජරා කදුළු "

" ජන්කුකා උඹ මොකද අද සයිලන්ට්? මුට මොකක් හරි කරපන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව"

" මට තවත් ඔය ජරා මිනිස්සුන්ට එක එක දෙවල් කරන්න ඔනි නැ. එ වගෙ කෙනෙක් කොහොමද අපිත් එක්ක කතාවත් කරන්නෙ? අනික මෙ වගෙ හොටු පෙරා ගත්ත එකෙක්ගෙන් මොනවා ගන්නද? හරියට විනෝද වෙන්නවත් බැ කායි"

" එකත් ඇත්ත හැබැයි . එ උනාට මූ වගෙ හිගන්නෙක්ගෙන් ගන්න ආතල් එක වෙන එකෙක්ගෙන් ගන්න බැ. මොකද මෙ මුලු කොලේජ් එකෙන්ම දුප්පත්ම එකා මේකනෙ."

" අනෙ මට යන්න දෙන්න. ක..කරුණාකරලා "

" හ්ම්.. හරි එහෙනම් මේකත් ගන්නකො"

" අහ්.."

"හ..හා..හා හා හා"

ඔලුවෙ වගේම මූන පුරාම තිබුනු කේක් එකේ කැබලි වගේම අයිසින් ටික එක අතින් අයින් කරන ගමන් ඒ බිම වැටුන කෙනා හීන් සැරේ නැගිට්ටෙ ඒ හැමෝම එතනින් යන්න යනකොට.

" මෙවා ගොඩක් ගනන්නෙ අපරාදෙ"

ඒ කෙනා බලාන හිටියා එ හැමෝම එයාට හිනා වෙන විදිහ. එත් අද ඒ බිම වැටුන කෙනා බලාපොරොත්තු වුන කෙනා විතරක මුකුත්ම කීවෙ නැ. කරෙත් නැ. එත් මීට කලින් නම් ජන්කුක් එහෙම නිකන් හිටියෙ නැ එයාව දකිනකොට. ජන්කුක් අද කරේ එයාට හිනා වෙන එක විතරයි. බිම වැටෙනකොට වැදුනු දනිහ වේදනා දෙනකොට මූන වගෙම ඔලුව පුරාම තියන අයිසින් කේක් එක එයාට දරා ගන්න බැරි තරම් වේදනාවක් ගෙනාවා.

එහෙමම වොශ් රූම් එකට ගියපු ඒ බිම වැටුනු කෙනා ටැප් එකක් ඇරලා එකෙන් එන වතුරට එයාගෙ මුළු ඔලුවම ඇල්ලුවා. ඒ කරලා එතන තිබුනු වීදුරුවෙන් පේන එයාගෙම ප්‍රතිබිම්බය දිහා එයාම බලාන හිටියෙ තමන් ගැනම දැනෙන අනුකම්පාවෙන් .

Tears of Love ( Jikook - Complete  )Where stories live. Discover now