🎋 08 Chapter 🎋

417 124 5
                                    

Author pov,

"ජිමින් .. ජිමින් "

මූනට දැනුන සීතල ගතියත් එක්ක ඇහුනු කඩහඩ නිසාම සිහිය නැතුව කිචන් එකේ වැටිලා හිටපු ජිමින්ට අමාරුවෙන් උනත් ඇස් දෙක අරින්න සිද්ද උනා. එක පාරටම ඇර ගන්න බැරි උනු ඇස් පියන් දෙක හීන් සැරෙ විඩෙන් විඩේට පිහාටු ගහමින් ඇරියත් එයා දැක්කෙ මෙ ලෝකේ එයා වැඩියෙන්ම ආස දෙ. එයගෙ පන..එයාගෙ කුකී..

ජන්කුක් හිටියෙ බිම හිටපු ජිමින්ව තරම් උස්සගෙන එයාගෙ ඔලුව පපුවට හේත්තු කරගෙන . එ වගෙම සිහිය නැති ජිමින්ගෙ මූනට නැවිලා.
වතුරත් අරන් කාමරේට ගියපු ජන්කුක් ආයෙම පැයකට විතර පස්සෙ කිචන් එකට ආවත් එයා දැක්කෙ සිහියක් නැතුව බිම වැටිලා ඉන්න ජිමින් වගෙම හොදටම දුම් දදා තව ටිකක් එහෙමම තිබුනා නම් මුළු ගේම ගිනි ගන්න පුලුවන් තරමෙ කරන්ට් ෂෝට් එකක් වෙන්න පුලුවන් තරම් වතුර හිදිලා රත් වෙලා තිබුන වතුර මග් එකයි.

පුලුවන් ඉක්මනට මග් එක ඕෆ් කරපු ජන්කුක් එහෙමම ගියෙ ජිමින් ගාවට . පලවෙනි පාරට ජන්කුක්ගෙ මූනෙ ජිමින් වෙනුවෙන් බය උනු හැගීමක් ඇදිලා ගිහින් තිබුනා. නැ ඇත්තටම එයා බය උනා.

ටග්ගාලා වතුර ටිකක් අතට ගත්ත ජන්කුක් එකෙන් ජිමින්ගෙ මූනට ටිකක් ඉහලා විනාඩි පහක් විතර හීන් සැරෙ ඒ මූනට තට්ටු කරනකොටයි ජිමින්ට සිහිය ආවෙ.

" ජිමින් .. නැගිටින්න . ඇයි මේ?"

" ජිමින් ඔයා හොදින්ද ?"

ජන්කුක්ගෙ ගැඹුරු කටහඩ ඇහෙනකොට ජිමින්ට නැගිටුනා. තාමත් අඩු නොවුනු බඩේ කැක්කුම වේදනා දුන්නත් ජන්කුක්ගෙ හඩට එහෙමම ඉන්න එයාට හිත දුන්නෙ නැ. එ වගෙම එයා කැමති උනෙ නැ එයා නිසා ජන්කුක් වද වෙනවට.

" ස..සමාවෙන්න ජන්කුක් .. මන් හොදින් "

" ඔයාට නැගිටින්න පුලුවන් ද?"

කලබලෙන් වගෙ ජන්කුක්ගෙ ලගින් මිදුන ජිමින් නැගිටින්න දගලනකොට ජිමින්ගෙ එක අතක වැලිමිට ගාවින් අල්ලන් හිටපු ජන්කුක් ජිමින්ගෙන් එහෙම ඇහුවෙ තාමත් ජිමින්ට කෙලින් ඉන්න තරම් පනක් නැ කියලා  එයාට දැනුන නිසා.

Tears of Love ( Jikook - Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon