🎋 05 Chapter 🎋

411 126 6
                                    


Author  pov,

"ම්...ම්ම්ම්ම්....ම්ම්ම්..."

ජන්කුක්ගෙ ඇද පාමුල බිම නින්ද ගිහින් හිටිය ජිමින් හීනෙන් වගෙ ඇහුන කෙදිරිලි සද්දෙත් එක්ක එක පාරටම ගැස්සිලා ඇහැරුනා..

"ජන්කුකී... කුකී.. ඇයි මේ.. කුකී?"

කෙදිරි ගාමින් වෙවුලන ජන්කුක්ගෙ කම්මුලකට තට්ටු කරන්න අත තිබ්බාත් එයාගෙ කම්මුලෙන් දැනුන සීතලට ජිමින් ගොඩක් බය උනා. එයා හිටියෙ අයිස් වගෙ සීතල වෙලා.

" කුකී..කුකී නැගිටින්න කුකි.."

ජිමින් එක දිගටම ජන්කුක්ට කතා කරත් එයාගෙ මූන අතපය පවා අමුතු විදිහට සීතල වෙලා තිබුනා. එ වගේම මුළු මූනම සුදුමැලි වෙලා ගිහින් තිබුනා.

ජන්කුක්ගෙ ලගින්ම ඉද ගත්ත ජිමින් එයාට පුලුවන් ඉක්මනට ජන්කුක්ගෙ කම්මුල් , කන් යට වගේම අත් කකුල් එක්නෙක අතුල්ලමින් එයාව උනුසුම් කරන්න පටන් ගත්තෙ ලොකු ඩුවට් දෙකක්ම ඒ ඇග වැහෙන්න දාලා . ඒ උනත් ජිමින් එයාට දාඩිය දානකන්ම ජන්කුක්ව රත් කරන්න හැදුවත් ගෙවුන හැම තප්පරේකම උනේ ජන්කුක්ගෙ ඇගේ හීට් එක එන්න එන්න අඩු උන එකයි.

කෙදිරි ගගා හිටපු ජන්කුක්ගෙ සිහිය නැති වෙන්න ඔන්න මෙන්න තියනකොට ජිමින්ට තව දුරටත් හිතා ගන්න්න බැරි උනා එයා මොකක්ද කරන්න ඔනි කියන එක. දැනටමත් එයා කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් එ කිසිම දේකින් වැඩක් උනෙ නැති නිසම ජිමින් අසරන උනා, බය උනා...එ වෙලාවෙ ගෙදර වෙන කවුරුත් ඇවිදින් හිටියෙත් නැ.

ඉතින් ....,

" මට සමාවෙන්න මගෙ පන.. මෙ දෙ මන් කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. ම..මට කොහොමවත් ඔනි නැ මෙ වගෙ දෙයක් ඔයාගෙ කැමත්තක් නැතුව කරන්න. එත් මට ඔයාගෙ ජීවිතේ වැදගත් මගෙ කුකී. ඔයට මාව එපා උනත් කමක් නැ. මන් මෙ දේ කරන්නම්. ආයෙ ආයෙම මට සමාවෙන්න මගෙ පන."

අන්තිමේදි ජිමින් එයාට කරන්න පුලුවන් එකම දෙ කරන්න හිතා ගත්තා. මොකද එයා දන්නවා මෙ දෙ තමා දැන් කරන්න පුලුවන් එකම දෙ කියලා. මොකද ජන්කුක්ගෙ ඩොක්ටර් මෙ වගෙ අවස්ථාවකදී කරන්න ඕනි දේ ගැන කලින්ම ජිමින්ව දැනුවත් කරලා තිබුනා. එත් එයාට ඔනි උනෙ නැ ජන්කුක්ගෙ අවසරකින් තොරව,එයාගෙ කැමැත්තකින් තොරව එ වගෙ දෙයක් කරන්න.. අනික එයාට ඔනි උනේ මෙ වගෙ මොහොතක් ලස්සනට ගෙවන්න. ආදරෙන්...

Tears of Love ( Jikook - Complete  )Where stories live. Discover now