🎋 11 Chapter 🎋

564 134 10
                                    


Author pov,

      ජන්කුක් හිටියෙ කායිගෙ කාර් එකේ පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙල ජනේලෙන් එලිය බලාගෙන... අඩලම හෙම්බත් උනු ඒ ඇස්වල විඩාබර බවක් පෙන්න තියනකොට එයාගෙ අත් දෙකේම තිබුනෙ මිනී අලු බදුන් දෙකක්.

" ජ..ජන්කුකා... අපි ආවා.."

කායිගෙ කට හඩෙ පවා තිබුනෙ දරා ගන්න බැරි තරම් වේදනාවක්.. එයාලා දුක් උනා එයාලගෙ යාලුව ගැන. එ වගෙම ඒ අලු බදුන් දෙකේම අයිතිකාරයින් ගැන.

කිසිම දෙයක් නොකියපු ජන්කුක් හෙමින් සැරෙ කාර් එකෙන් බැහැලා ගියේ ඒ බදුන් දෙකම අත්වල තියාගෙන.

ජන්කුක් එයාලගෙ ගෙදරට.. එයාගෙයි ජිමින්ගෙයි ගෙදර ආවෙ සතියකට පස්සෙ. හරියටම බැලුවොත් එයාලගෙ ඇනිවසරි එක දවසෙ ගියාට පස්සෙ ඒ ගෙදරට ගියාමයි.. ජන්කුක් දැනුනෙ හිස් බවක්. කායි දොර අරිද්දි එයාගෙ අනිත් යාලුවොත් සද්දයක් නැතුවම පස්සෙන් ආවෙ ජන්කුක් ඉන්නෙ දරා ගන්න අමාරු පීඩනේකින් ඉන්න බව දන්න නිසාමයි.

ගේ ඇතුලට ආව ජන්කුක් සාලෙ මැද හිටගෙන මුලු ගේ පුරාව හොදට එ මලානික වුනු ඇස් දෙක ගෙනිච්චා. එයාට මැවිලා පෙනුනා ජිමින් තැනින් තැන මොප් එකත් අරන් සුද්ද කරපු විදිහ, එයාව අසනීප කාලෙ අමාරුවෙන් උනත් අල්ලන් ඇවිද්දපු විදිහ.

ජන්කුක් එයාගෙ වම් අතේ තිබුනු රියාගෙ අලු බදුන කායිගෙ අතට දුන්නා. මොකද එයාට දැනුනා එයාගෙ දකුනු අතෙ තියන ජිමින්ගෙ අලු බදුන රියාගෙ එකට වඩා බර වැඩී කියලා. මොකද එතන තිබුනෙ එක්කෙන්ක්ගෙ අලු විතරක් නෙමෙ. දෙන්නෙක්ගෙ අලු..

ජන්කුක්ට මතක් උනෙ  එ ඇක්සිඩන්ට් එක උනු දවස...

Flash back,

ජිමින් විසික් වෙලා බිම වැටෙනවත් එක්කම ජන්කුක් එයා ලගට දිව්වෙ පිස්සෙක් වගෙ..

" ජිමින් .ජිමිනා...ජිමින් ජිමිනී... ඇස් අරින්නකො..ප්ලීස් කතා  කරන්න..ප්ලීස්.."

පලවෙනි පාරට ජන්කුක්ගෙ ඇස්වලින් ජිමින් වෙනුවෙන් එක දිගට කදුළු කැට කඩන් වැටුනා...

ඒත් එයා පරක්කු වැඩී. එ වෙනකොටත් ජිමින් එයාව අතෑරලා යන්න ගිහින් තිබුනා.. කොහෙන්ද එන්නෙ කියලා එක තැනක් හොයා ගන්න බැරි තරමට ජිමින්ගෙ මූළු ඇගෙන්ම ලේ ගලන් යනකොට වැස්ස නිසාම සුදු ඇදන් හිටපු ජිමින්ගෙ මුළු ඇදුමම රතුපාට වෙලා ගිහින් තිබුනා. එ වගෙම වැස්සට එකතු උනු ජිමින්ගෙ ලේ බින්දු ඒ විශාල පාරම ලේ විලක් බවට පත් කරනකොට පාරෙ එක කොනක තිබුනු කානුවකින් ඒ ලේ ටික හෙමින්ම බැහැලා ගියා..

Tears of Love ( Jikook - Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang