↖️01↗️

2.9K 244 36
                                    

..

..

..











උදේ පායපු ඉර තවමත් එහෙම්මමයි ...යන්න ඕන උනත්...ටිකකට ඇස් පියාගන්න ඕන උනත්..එයා වගකීම්වලින් බැදිලා...එයාට ඕන වෙලාවට එන්න බෑ වගේම කවදාවත් එයාට ඕන විදිහට යන්නත් බෑ...කැමැත්තක් තිබුනත් අකමැත්තක් තිබුනත් එයාට වගකීම්වලින් පැනලා යන්නත් බෑ පැනලා යන්න දෙන්නෙත් නෑ...මොන දේ උනත් එයාට ඉවසගෙන දරාගන්න වෙනවා...නියං කාලෙදි දරන්න බැරි අපවාද එනකොට සීත කාලෙට නිමක් නැති ආයාචනා එනකොට...සතුටු වෙන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරිව එයත් ඉවසනවා...එයා දන්නේ නෑ එයාගේ ජීවිතේ සතුට කියන දේ තියෙනවද කියලා..සතුට හොයාගන්න පුළුවන් ද කියන එකවත් එයා දන්නේ නෑ...වගකීම්වලින් බැදිලා ඉන්නකොට එයා සතුටින් වගේ පෙන්නලා නැගෙනහිරින් ඇවිත් බටහිරෙන් බැහැලා යනවා...එක මොහොතකට තැනක නවතින්න ඕන උනත්..මහන්සී කියලා හති අරින්න ඕන උනත්..එයාට ඇහුම්කන් දෙන්න කිසිම කෙනෙක් නැති තරම්...


මං ලොකු හුස්මක් ඇදන් අතේ තිබ්බ කෝපි එක ටේබල් එක උඩින් තිබ්බා....එයාට තාමත් යන්න වෙලාව නෑ කියන්න අහස ලා තැඹිලි පාටට හැරිලා තියෙද්දි මං වීදුරු බිත්තියෙන් ඒ දිහාම බලන් හිටියා.....

...අපි දෙන්නම එක වගේ...මිදෙන්න ඕන උනත් අපිට මේ වගකීම් අත් අරින්න බෑ..අපිට සතුටක් නැති උනත් අපිට වෙනව කාගෙදෝ කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් ජීවිතේම කැප කරන්න..ඒ වගේම කරපු කිසිම දේකට ඇගයීමක් නොලබා නොකියාම අයින් වෙලා යන්න.....

..තඩ්..

කෝපි කෝප්පේ මං ආයෙම ටේබල් එක උඩින් තිබ්බා..දුම් දාන කෝපි එකට පුළුවන් උනාට හිතට සැනසීමක් දෙන්න ඒකට බැරි උනා මගෙ හිතට නිවනක් දෙන්න..පිටින් මං මොන වගේ කෙනෙක් වගේ පෙනුනත් ඇතුලාන්තයෙන් මන් කවුද කියම එක දන්නෙ මං විතරයි ...මගෙ හිත ඇවිලෙන තරම දන්නෙත් මං විතරයි ..ඒක කාටවත් හිතාගන්න බෑ වගේම කාටවත් ඒ ගින්න නිවලා දාන්න බෑ..දවසක ඒ ගින්නෙන්ම මන් පිච්චිලා අලු වෙලා ගියොත් මිසක මට කවදාවත් සැනසීමක් දැනෙන එකක් නෑ...






ඇගිලි කැඩෙනකම් ටයිප් කරපු ලැප් එකේ කීබෝඩ් එකට මං ආයෙම අත් තියලා බෙල්ල දෙපැත්තට කැඩුවා..ටකස් සද්දෙන් ආයෙම බෙල්ලේ ඇට කැඩිලා යද්දි මං මං හුස්මක් පිට කරලා ආයෙම ලැප් එක ඇතුලට ගියා..මේ වෙන කිසි දෙයක් මගෙ කැමැත්තන් වෙන දේවල් නෙවේ..ඒත් එහෙම කියලා මට අතාරින්න බෑ..අතාරින ඊලග තප්පරේම මගෙ මිනිය කොහේ හරි කුනු කානුවක තියලා මගෙ ගෙදර අයට හම්බ වෙයි..දාහක් බොරු කියලා මං එයාලට දෙන මේ වේදනාව හොදටම ඇති..මගෙ මිනිය කරගහලා එයාලා තවත් දුක් විදින්න ඕන නෑ..මං වැඩ කරන්නේ ලොකු කම්පැනි එකක කියන එක විතරක් එයාලා දැනන් හිටියා නම් ඇති..ඊට වඩා එයාලා දැන ගන්න ඕනෙත් නෑ මං කියන්නෙත් නෑ....

💓WITH YOU 💓 ( Zy Completed  ff)Onde histórias criam vida. Descubra agora