..
..
..
Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°
..
...ඉක්මන් කරපන්....
මං කෑ ගැහුවා....ටැබ් එකෙන් ඇස් නොගෙනම වේගෙන් කාර් එක අරන් යන හෙල්සින්ග් ට තවත් වේගෙන් පලයන් කියලා මං කෑ ගැහුවා.....මොකද මං යන්න ඕන...එයාලා එනවා....එයාලා ඉන්න කන්ටේනර් එක තිබ්බ නැව ආයෙමත් වරායට එනවා ...ඩොන් නොදැන ඉන්න බෑ....ඌට හොරෙන් මට හුස්ම ගන්නත් බෑ.....ඉක්මන් කරන්නඕන...ඌට කලින්....ඌ එන්න කලින් කොහොම හරි යන්න ඕන...නෑ වරායට ගිහින් වැඩක් නෑ..දැනටමත් එතන ගාඩ් එක ඇති....ගාඩ් එකෙන් බේරිලා යන්න පුලුවන්කම තිබ්බත් ඒක කාලෙ කා දැමීමක්....
මට ඕන මුහුද මැදටම යන්න....ඒ මොකාටත් කලින්....
..බෝට් එක රෙඩී....
මැසේජ් එක එනකොට මං හිටියේ වෙනම පැත්තක.. ....මාලු අල්ලන්න යන පොඩි පොඩි ධීවර බෝට්ටු තිබ්බ තැනක....උන් ජීවිතේට හිතන්නෙ නෑ මං මේ විදිහට යයි කියලා.....මාව බලාපොරොත්තු වෙන එකකුත් නෑ....මටත් කලින් නැවට යන්න ඩොන් ලැස්ති වෙලා ඇති....සමහර විට මගෙන් පලිගන්න හැටි දැනටමත් ප්ලෑන් කරන් ඇති...හහ්...ඒත් මාත් ලේසියෙන් අතාරිනෙ නෑ....මට ලොකු ගනුදෙනුවක් තියෙනවා ඩොන්..
..මං එන්නෙ එක්කො උබව මරන්න..නැත්නම් උබත් එක්කම මැරිලා යන්න....
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•Author ' s P.O.V°°°°°°°°°°°°°°°
..
..යීබෝ....
ජාන්ගේ කටහඩ.....ඒක හිතාගන්නවත් බැරි තරමට නිවිලා...කවදාවත් නොවුනු තරම් සන්සුන්...ඒ වගෙම හුස්මකටව්ත් නුදුරින්..... ඒ කටහඩ හිතුව තරම් නපුරු, බය නොහිතෙන හඩක් වෙද්දි පලවෙනි පාරට යීබෝ ඔලුව ඉස්සුවා....එහෙම කරයි කියලා හිතුවෙ නැති ජාන්ගෙ ඇස් ලොකු වෙලා ගියත් එයාගේ මූනේ හිනාවක් ඇදුනා....කාලෙකට පස්සෙ ..හීන් උනත් හදවතින් ආව හිනාවක්....එයාටම සැනසෙන්න පුලුවන් ...වේදනාවක, පසුතැවිමක සේයාවක්වත් නොවුනු හිනාවක්....මාස්ක් එකට වැහිලා තිබුනත් ඒ හිනාවත් එක්ක හිනාවක් ඇදුනා කියන්න යීබෝගෙ ඇස් හීනි උනා.....මුහුදු හුලන් එක්ක උඩට විසිරිලා ගිය කෙහෙරැලි අතරින් කාලෙකට කලින් අඩපු...රතු උනු....ඒත් දැන් දිලිසෙන ඇස් ජාන්ගෙ හිත අමුතුම හැගීමකින් පිරෙව්වා....වෙරළේ කාගේවත් අවදානයකට අහු නොවෙන බෝට්ටුවකට පිට දීලා වාඩි වෙලා හිටියා උනත් ජාන්ට දැනුනෙම එයා වෙන ලෝකෙක ඉන්නවා වගේ හැගීමක්...කවුරු බලන් හිටියත්...කවුරු වටේ හිටියත් ජාන්ට ඒ කිසිම දෙයක් වැදගත් නොවුනු තරම්....කාලෙකට පස්සෙ හදවතට ඉඩ දුන්නු ජාන් ලෝකෙන්ම හංගගන්න වගේ තවමත් යීබෝව එයාගේ පපුවට තුරුලු කරන් හිටියා.....
BINABASA MO ANG
💓WITH YOU 💓 ( Zy Completed ff)
Fanfictionඅනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""