🌸 මොකද වෙලා තියෙන්නෙ.
*ඕරා ඇහුවෙ කලබලෙන් ඉන්න අනිත් කොල්ලො දිහා බලාගෙන.. ටේ ට නම් ටිකක් තරහක් තිබ්බා ඇයි මේ වෙලාවටම කඩන් පාත් වුනේ කියලා.. ඒත් කොල්ලටත් තමන්ගෙ හ්‍යුන්ලා ටික දිහා බැලුවාම මොකාක් හරි දෙයක් වෙලා තියනව කියලා දැනුනා*
🐯 හ්‍යුන් ඇයි මේ..
🐱 සෝහා...සෝහා.. එයා
🌸 මොකක්ද .. 😳 කියන්න. සෝහට මොනවද වුනේ... ඔප්පා... කියන්න 🥺
🐰 එයාව හොයාගන්න නෑ සෝහා 😶
*ඕරගෙ දෙනෙත් මගහැර ඉදිරිය බලාන හිස් හැගීමකින් ජන්කූක් පැවසුවේ ඔහුටද සෝහාව හොයාගන්න නොහැකි වුන නිසයි*
🌸 මො..මොකක් 😳
ඉ- ඉතින් ඇයි . අපි ..මෙ..මෙහෙම ඉන්නෙ.. අපි..අපි එයාව හොයමු.. යමු එන්න 🙂🐹 එයා නෑ ඕරා.. එකපාරක් කිව්වම අහන්න.. 😶
*ඕරගෙ උරහිස් සොලවමින් ජින් කිව්වෙ පිස්සෙක් වගේ කියවපු ඕරා වේදනාත්මක සිනහවත් මුවගෙ මවාගද්දියි*
🌸 හහ්... එයා කොහෙ යන්න ද 🙂
🐨 තාම දන්නෑ.. අපි එයාව කොහොම හරි හොයා ගන්න ඔනෙ.. water team එකට හිටපු එකම රාජකීයා මෙහෙම අතුරුදහන් වුන එක හරිම භයානකයි 😶
🌸 ඉතිම් අපි හොයමු.. මෙහෙම හිටියා කියල සෝහා අපිව හොයන් එන්නෙ නෑනෙ...නේද 😐
*තරමක ආවේගයකින් යුතුව ඕරා උත්සව ශාලාවෙන් පිටවෙද්දි කොල්ලො සෙට් එකත් ඇගේ පස්සෙන්ම ගියා*
🐤 ඕරා... ඕරා... ඔහොම ඉන්න... තරහ ගත්තා කියල වැඩක් නෑනෙ 😶
🌸 සෝහා................
*මාලිගය වටේ අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කරත් ඔවුන්ගෙ හඬ දෝංකාර දෙනව ඇරෙන්නට කිසිම දෙයක් ඇහෙන්නෙ නැති තරමට අද මාලිගය නිශ්ශබ්ද වෙලා*
🌸 අනේ සෝහා.. ඉන්න තැනකින් එන්න...
*මෙතෙක් වෙලා හිරකරන් හිටපු කදුලු ඔහේ ගලාගෙන යද්දි විඩාබරව බිත්තියක් දිගේ රූටගෙන බිම හිදගත් ඕරා තමන්ගෙ කකුල් දෙක උඩ ඔලුවත් ගහගද්දි කිසි හැගීමකින් තොරව බලන් හිටපු ජන්කූක්ගෙ ඇස් අගත් කදුලු පිරෙන්නට ඒතරම් වෙලාවක් ගියෙ නැහැ*
*පෘතුවිය.... මිනිස්සු හැමතැනකම හිටියත් තනිකම දැනෙන අනාථ නිවාසෙක තනිවුන කෙල්ලෙක් සමාජෙන් කොන්වෙද්දී....*
*මව් සෙනෙහස විදින්නට නොහැකිව අතහැරූ තවත් කෙල්ලෙක් අනාථ නිවාසෙම තනිවෙද්දි..*
*ඔවුනොවුන්ගෙ දුක සැප බෙදාගන්න හිටියෙ කවුද ?*
*දෙමාපිය සෙනෙහස අවශ්‍යම කාලයේදි තනිවුනු සමාජෙන් පුලුවන් උපරිමේටම ගැරහුම් ලබද්දි සහෝදරියක් වගේ රැකවරණය දුන්නු යාලුවාව එකපාරටම අතුරුදන් වුනාම දැනෙන හැගීම මොකක්ද ?*
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️