*ජනෙල් කවුලු අතරින් හමා ගෙන ආ සීත සුලග ගතේ දැවටෙද්දි සිහින් හිරියක් දැනුනත් ඔවුන්ගේ හිත් ඊටත් වඩා හිරිවැටිලා.. දුක තුනී වෙන්න අඬලම ඇයටත් කදුලු නැහැ.. දැන් ඉන්නෙ හිස් හැගීමකින් බලාගත්තු අත බලන් ඉන්න ඕරා සහ හිත හයිය කරගත්තත් කල්පනා ලෝක වල අතරමං වුන කොල්ලො ටික විතරමයි*
*සෝහාගෙ නිසල සිරුර අසලදි නිමක් නැතුව වැටුනු කදුලින් ම සිහිසුන් වුනු ඕරා දැන් ඉන්නෙ ජින්ගේ කුටියේ. එසේත් නැතිනම් Fire palace එකේ..**සිනහවේ අඩුවක් නොවුනු ඒ මුහුණ අද මැලවිලාම ගිහින්. හීන් දිගැටි ඇස් අද සදහටම පියවිලා.. නමුත් මේ සත්‍ය ද ? වීදුරු කුටියක සෝහා නිසොල්මනේ..* *ඔහේ බලාගත්තු අතේ බලාන ඕරා ලොකු කල්පනාවක..* *ජන්කුක්..........*
*තමන් පන වගේ ආදරය කරපු කෙනා ඔහේ වැටීගෙන සිහියක් නැතුව ඉන්නවා.. කොච්චර දරාගත්තත් පිරිමි හිතකටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා . කොල්ලා අඩල අඩලම මූන ජම්බු ගෙඩියක් වගේ වෙලා..**අනිත් කොල්ලො හය දෙනත් පිටින් නොපෙන්නුවාට හිතෙන් හොදටෝම අඩනවා.. තමන්ට ලන් වුන ටික කාලෙට ඕරා වගේම සොහාත් කොල්ලො ටිකට ගොඩාක් සමීප වුනා.. තමන්ගෙ ලගම කෙනෙක් මෙහෙම ඉන්නවා බලන්න තරම් එයාලට හයියක් නෑ.*
🐯 ඕරා .. ඔයාට ඕන නම් මෙතන ඇතිවෙනකල් අඩන්න. ඒත් ඔහොම ඉන්න එපා 😔
*ඕරට මේවා ඇහෙනවද ?*
*නැහැ.. කොහෙත්ම නෑ...සහෝදරියක් වගේ හිටපු යාලුවාව එකපාරටම හීනෙකින්වත් නොහිතපු විදිහට දකිද්දි කාටද සිහියෙන් ඉන්න පුලුවන්*
*හැමෝම අද දරාගන්නව.. ඒ සෝහා වෙනුවෙන්.. ඒ .... තවත් කොටසක් මෙයින් සතුටක් ලබද්දියි*
____________________________UNKNOWN PLACE
? - ෂහ්... දරුණු විදිහට තුවාලයක් මවන්න බැරිවුනානෙ 😈
👤 උතුමාණෙනි
?- ඇති යන්තම් තමුසෙ එක වැඩක් හරි හරියට කරා.. 😏 දැන් අපිට කිසි බාධාවක් නැතුව වැඩේ කරගෙන යන්න පුලුවන් 😈
👤 එහෙමයි උතුමාණෙනි
? - අද මධ්‍යම රාත්‍රියේ ඉදන් යාගය අරඹන්න.. මායා හෝරාවටත් වැඩි කල් නැහ්. 😈
👤 එහෙමයි උතුමාණෙනි .. මම සියල්ලන්ම දැනුවත් කරන්නම්
?- එහෙනම් මුලු විස්ටේරියාවම මගේ අතේ... 😈😈💔
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️