QUEEN YUHI - සේරම ගැටගහල දානවා 😈
*විස්ටේරියාවෙ අධිරාජිනිය......*
*නැහැ ; බල තණ්හාවෙන් අන්ධ වුනු ම්ලේච්ඡ අධිරාජිනිය*.
*කාටවත් කතාකරන්න වචන එන්නෙ නැහැ . ඔවුන් රැජිණගෙන් වැඩි යමක් බලාපොරොත්තු නොවුනු බව ඇත්ත. ඒත් මේ තරමට රැජිණ දුශ්ට වෙයි කියල කිසිකෙනෙක් හීනෙකින්වත් හිතුවේ නෑ. කාටවත් දරාගන්න බැරි තැන ඕරා කොහොම දරාගනියි ද ?*
*කෙල්ල අඩනවා කියල ද හිතන්නෙ ? නැහැ ; කෙල්ල වියරු වැටිලා ඉන්න රැජිණගෙ මුහුණ දිහා කෙලින් ම බලන් ඉන්නවා. හිස් හැගීමකින් ඔහේ බලන් ඉන්නවා. ඒ කලකිරීමක් ද ? නැත්තං දුකක් ?*
*කොහෙත් ම නෑ..*
*_ඔම්මා_ තමයි. ඒත් කෙල්ල දැන් ඒක පිලිගන්නෙ නෑ..තමන්ගෙ ඔම්මා හයක් හතරක් තේරෙන්නේ නැති කාලෙදිම මරන්න දුන්න දරුවා තමන් කියල දැනගෙනත් ඒ බැදීමට ආදරේ කරපු කෙල්ල මේ මොහොතෙදි ඉන්නෙ කෙල්ලටවත් නොතේරෙන හැගීම් අස්සෙ හිරවෙලා**යූහි රැජිණියගෙ සේවකයන් හෙවත් අඳුරු මායාකරුවන් හැමෝවම මායා බන්ධනයකින් හිර කරා.. ඒත් හැමෝම නිශ්ශබ්දයි.*
🌸 රැජිණ ඔච්චර ජරා ගෑනියක් කියල හිතුවෙ නෑ 😏
QUEEN YUHI - අනේ darling . ඔම්මට ඔහොමද කතා කරන්නෙ ..
*ව්‍යාජ දුකක් මවාපාන ගමන් රැජිණ ඇහුවේ ඕරා ලගින් ම හිටගන්න ගමන්*
🌸 ඔම්මා ..? හහ් , රැජිණ දන්නව ද ඒ නමේ තේරුමවත් . රැජිණගෙ දරුවෙක් වෙන්න තරම් මං මොන පවක් කරන්න ඇත් ද ? 😏
*ඕරා සමච්චලේට වගේ කියද්දි රැජිණගෙන් ලැබුනේ කුරිරු සිනාහඬක්*
QUEEN YUHI - darling .. ඔව් , මං මගෙ සහෝදරයව මැරුවා . මගෙ අප්පවයි ඔම්මවයි දෙන්නවම මැරුවෙ මගෙ අතින් . ඇයි ඔයාගෙ ඉන්හී ඔම්මා . ආහ් තව මං තමුන්වත් මරන්නනෙ දුන්නෙ. වැඩකට නැති එකෙක් අන්තිමට තමුන්ව බේරගෙන ඌත් මැරුනා. තමුන්ගෙ සෝහාවත් මරන්නනෙ හිටියෙ. ඒත් ඔයාලා place එක හොයාගත්තනෙ..
🐰 මොනවද සෝහගෙන් තමුන්ට ඕන කරන්නෙ
QUEEN YUHI - ඌෆ්. ජන්කූක්..වැඩිදෙයක් නෑ. අද මායාහෝරාවෙදි විස්ටේරියාවේ සියලු බලයන් නැතිවෙන පැයේදි අඳුරු මායාව යොදාගෙන මට නැතිවුනු මගේ පරම්පරාවෙ water power එක ඔයාගෙ කෙල්ලගෙන් ලබාගන්න එක.. So simple. 😈
YOU ARE READING
𝑳𝒐𝒗𝒆 𝑶𝒇 𝑻𝒉𝒆 𝑴𝒂𝒈𝒊𝒄 𝑾𝒐𝒓𝒍𝒅 ❥❥
Fantasyබලයන් අතර අරගලයෙන් පසු රාජ්‍යයක් ගොඩ නැගීමෙ සටන ⚔️⚔️