CHAPTER 06 💎

186 27 2
                                    

හොටෙල් එකට ආපු වෙලාවේ ඉඳන් සේමී හනා දිහාම බලාගෙන කල්පනා කලේ හනාගෙ හැසිරීම ඕනවටත් වඩා වෙනස් වෙලා නිසා..
වෙනදට හැම වෙලාවකම වක්කඩෙ කැඩුවා වගේ කියවන කෙල්ල ඔහේ බලාගත්ත අත බලාගෙන මනෝලෝකෙ තනිවෙලා..
එකපාරට හිනා වෙනවා, ආපහු කල්පනා කරනවා ආයෙ හිනා වෙනවා.. සේමී පැයකටත් වඩා මේ රට නාඩගම දිහා බලාගෙන ඉදලා බැරිම තැන හනා ළඟට ගියේ හනා එක්ක කතා කරන්න හිතාගෙන..
සේමී හනා ළගට ගිහින් හනාගෙ නළලට අත තියලා අසනීපයක්වත් තියනවද කියලා බලන ගමන් හනා ළඟින්ම වාඩිවුනේ හනා මේ මොකද අහන බැල්මකින් සේමි ⁣දිහා බලද්දි...
සේමී හනාව ගනන් නොගෙනම ෆෝන් එක අතට අරන් සෝහීගෙ නම්බර් එක ඩයල් කරලා ස්පීකර්ස් ඔන් කලේ හනා සේමී දිහාම බලාගෙන ඉද්දි...

📞 🌷 " යොබසේයෝ සෝහියා. උබ වැඩකද ඉන්නෙ? "

📞 🌸 " නෑ කියපන්. උබලා කවද්ද එන්නේ? ඉක්මනට වරෙන් යකො මට පාළුයි 😒 "

📞🌷 " ආහ් අපි තව දවස් දෙකකින් වගේ එනවා. ඇයි උබ තනියමද ඉන්නෙ? ජීවොන් කො? "

📞🌸 " ඒකි ඇමරිකා ගියා. උබලට කිව්වේ නැද්ද?. ඉතින් ඇයි මේ හදිස්සියෙ කෝල් කලේ කියපන්කො "

📞🌷 " ආහ් කිව්වා කිව්වා මට අමතක වුනා.මම මේ ගත්තෙ මනුස්සයෙක් සාමාන්‍යයෙන් තනියම හිනාවෙන්නෙ ආදර හැඟුම් පහල වුනාමද එහෙමත් නැත්නම් පිස්සු තද උනාමද? "

📞🌸 " ම්වො? "

📞🌷 " ඇයි උබට කණ් ඇහෙන්නෙ නැද්ද? "

📞🌸 " නෑ නෑ මට ඇහුනා "

📞🌷 " එහෙනම් උත්තරයක් දීපන්කො. මෙතන ඉන්නවා හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙක් "

🌼 " යා..... සේමීයා... "

සේමී සෝහී එක්ක කියද්දි හනා කෑගැහුවේ මුළු හොටෙල් එකම දෙදරලා යන විදියට..
සේමී එක අතකින් කනත් වහගෙන හනා ළඟින් නැගිටලා ගියේ සෝහීත් හනාගෙ පවුල් සංහතියම මතක් කර කර දෙස් දෙවොල් තියද්දි..

📞🌸 " මොකක්ද බන් වෙලා තියෙන්නේ? "

📞🌷 " මේකි මේ තනියම හිනාවෙනවා කල්පනා කරනවා හවස ඉඳන් මල්සරා විදලා වගේ බන් "

📞🌸 " විනාසයි කවුද ඕයි ඒ පව්කාර කොල්ලා 😂 පව් හැබැයි "

📞🌼 " යා... කටුස්සි තොගෙ කටු දාලා මම සුප් එකක් හදනවා දැනගනින් "

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now