CHAPTER 07 💎

167 29 16
                                    

" මේපාරත් Black Eagle ද ඔය වැඩේ කරලා තියෙන්නේ?"

සෝල් වල තියන සුප්‍රසිද්ධම නිවාස සංකීර්ණයක තිබෙන එක්තරා විශාල නිවසක් තුල වැදගත් යැයි කියන්න පුළුවන් පිරිමි හතර දෙනෙක්ගෙ පැය ගානක කතාබහක එකම මාතෘකාව උනේ Black Eagle. Black Eagleගෙ වීරක්‍රියා කිව්වොත් හරියටම හරි..

" ඔය මිනිහා නිසා මුළු පොලිස් ඩිපාට්මන්ට් එකම බල්ලට ගිහින් තියෙන්නේ බොස්. අපි ඉක්මනටම මොනහරි කරන්න ඕනෙ. මිනිහා මාෆියාකාරයෙක් උනත් සමහර මිනිස්සුන්ට ඒ යකා වීරයෙක් වෙලා "

" මොනාද කරන්න පුළුවන්? Black Eagle කියන නම විතරයි අපිට තියන එකම හෝඩුවාව ඒකත් ඒ මිනිහා දාලා යන කාඩ් එක නිසා. අනිත් එක අපිට නීතියෙන් දඬුවම් කරන්න බැරි මිනිස්සු මාෆියාකාරයෙක් අතින් හරි මට්ටු වෙනවා නම් හොඳයිනෙ "

" තමුන්ට පිස්සු හැදිලද මිස්ටර් චෝයි? තමුන් කියන්නෙ මේ සේරම බලාගෙන සද්ද නැතුව ඉන්න කියලාද? "

" නවත්තගන්නවා දෙන්නම, කරන්න ඕනෙ දේ මම දැනටම කරලා තියෙන්නේ. ඉක්මනටම ඔය Black Eagle එලියට එයි "

එතන ලොක්කා කියන්න පුළුවන් කෙනා කියද්දි අනිත් තුන්දෙනාම පුදුම වෙලා ඒ කෙනා දිහා බැලුවේ කියපු දේ තේරුම් ගන්න අමාරු නිසා...
ටේබල් එක උඩ තිබුන ශැම්පේන් වීදුරුව අත⁣ට ගන්න ගමන් ඒ කෙනා නැගිට්ටෙ අනිත් තුන්දෙනාගෙම ඇස් එයා වෙතටම යොමු වෙලා තියෙද්දි..
ඒ කෙනා එක අතක් සාක්කුවේ ඔබාගෙන අනිත් අතින් ශැම්පේන් වීදුරුව කරකවන ගමන් රූම් එකේ බිත්තියක් පුරාම ගහලා තිබුන Black Eagle කාඩ් ටික දිහා බලන්න ගත්තෙ අනිත් තුන්දෙනා මූණට මූණ බලාගනිද්දි..

" මම මේ කාඩ් එකතු කරන්න හේතුව තමුන්ලා දන්නවද? "

අහපු ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නැති වෙද්දි එයාම ආපහු කතා කලේ ඒකට හරි උත්තරෙ තියෙන්නෙත් තමන් ළඟ නිසා..

" මේ කාඩ් දැක්කාම මට මතක් වෙනවා Black Eagle අපිව කොච්චර ගොනාට අන්ඳලා තියනවාද කියලා 😂💔 "

" බොස්? "

" එකම කෙනෙක්ට විතරයි මිනිහාව නතර කරන්න පුළුවන්. එයාව එලියට ගන්න කාලේ හරි දැන් "

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now