CHAPTER 05 💎

217 31 7
                                    

හ්යොන්ලා එක්ක කතා කරලා මම කෑම කන එකත් නතර කරලා එතනින් ආවේ මට කෑම කන්න තරම් හොඳ මූඩ් එකක් තිබුනෙ නැති නිසා...
නිදාගන්න ට්‍රයි කලත් නින්ද යන්නේ නැති නිසා සිගරට් එකක් පත්තු කරගෙන රූම් එකේ තිබුන මිනි ෆ්‍රිජ් එකෙන් බියර් ටින් එකකුත් අරගෙන මම බැල්කනි එකට ගියේ හිතට දැනෙන අපහසුව ටික වෙලාවකට හරි අමතක කරලා දාන්න හිතාගෙන..

ඈතින් යාන්තමට පේන සෝල් ටවුන් එක දිහාම බලාගෙන මම කල්පනා කලා...
කල්පනා කලාමත් නෙවෙයි මොනවද කල්පනා කරන්නෙ මොනවද මම හිතන්න ඕනෙ කියලවත් හරිහැටි තේරුමක් නැතිව මම ඔහේ බලාගෙන හිටියා කිව්වොත් හරි...

🐹 " මොනවද ජිමින් ඔයා ඔච්චරම කල්පනා කරන්නෙ? "

🐥 " හ්යොන්? හ්යොන් කොයිවෙලාවෙද ආවේ? "

🐹 " මම දැන් ඇවිත් ගොඩක් වෙලා "

හ්යොන් ළගට ඇවිත් මගේ කරට අත දාගෙන කතා කරනකම් මම හ්යොන් ඇවිත් ඉන්නවා කියන්න දැනගෙන හිටියෙ නෑ. ඒ තරමටම මම වෙන ලෝකෙක අතරමං වෙලා ඉදලා..

🐹 " මොකක්ද ප්‍රශ්නෙ? "

🐥 " මට හැමදාමත් තිබුනෙ එකම ප්‍රශ්නයයිනෙ හ්යොන් "

🐹 " ම්ම්ම් මම දන්නවා ඔයාට තවමත් ඔයාගෙ හිත හදාගන්න බෑ "

🐥 " මට බෑ හ්යොන්. මට ඒක කරන්න බෑ. ඔයා දන්නවා මම එයාට කොච්චර ආදරේ කලාද කියන්න. ඔම්මා අප්පා දෙන්නම නැතුව අපායක් වුන මගේ ජීවිතේ ලස්සන කලේ එයා. එකපාරටම එයාවත් මට නැති උනාම මම කොහොමද හ්යොන් ඒක දරාගන්නෙ? මම කොහොමද මගෙ හිත හදාගන්නෙ?  "

🐹 " හරි ජිමින් මට තේරෙනවා ඔයාව. අපි හොයාගමු අනිවාර්යයෙන්ම එයාව හොයාගමු "

හ්යොන් මගේ ඔළුව අතගාන ගමන් කියද්දි මම වැටෙන කඳුළු පිහදාගෙන බියර් ටින් එක හුස්මට බීලා දැම්මෙ හ්යොන් අහක බලාගෙන ලොකු හුස්මක් පිට කරද්දි...

හ්යොන් ටික වෙලාවක් ඒ විදියටම බලාගෙන ඉදලා එතනින් යන්න ගියෙ එයාටත් මගේ හිත හදන්න බෑ කියලා තේරුන නිසා වෙන්න ඇති...

බැල්කනි එකේ අත්වැටට බර වෙලා මම පහල එහාට මෙහාට යන ඩයමන්ඩ්ස්ලා දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා රූම් එකට ඇවිත් ඇඳට වැටුනෙ කොච්චර කල්පනා කලත් දුකම විතරයි කියලා තේරුන නිසා...

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now