ජිමින් හිටියෙ එයාගෙ රූම් එකටම අල්ලලා හදලා තිබුන පොඩි රූම් එකේ. එක අතකින් විස්කි බෝතලේ කට ගහන් බොන ගමන් අනිත් අතේ තිබුන පොඩි ෆොටෝ එක දිහා බලාගෙන. ඇස් වලින් ඉවරයක් නැතුව වැටෙන කඳුළු ජිමින්ගෙ පිරුණ කම්මුල් දිගෙ ඔහේ ගලාගෙන යන්න දීලා ජිමින් කල්පනා කලා. අවුරුදු ගානක ඉඳන් හොයපු කෙනා හම්බවුන සතුටටත් වැඩිය ජිමින් හිටියෙ තමන් එක්කම තරහින්. ඒ තමන්ගේ ළඟම ඉදලත් ඒ කෙනාව අදුනගන්න බැරි උන එක නිසා. ජින් කියපු දේවල් මතක් වෙද්දි ජිමින්ගෙ හිතේ තිබුන තරහ තවත් වැඩි වුනා.
" මිස්ටර් කිම් ළග එයා ඉඳලා තියෙන්නේ. එයා එයාලා එක්ක ඉදපු අවුරුදු ගානට සෑහෙන්න දුක් විදලා තියනවා ජිමින්. මිසිස් කිම් එයාව කවදාවත් තමන්ගේ දරුවෙක් විදියට සලකලා නෑ. එයාගෙ ඔන්නි උනත් එහෙමයි. ටිකක් හරි හොඳින් ඉදලා තියෙන්නේ මිස්ටර් කිම් විතරයි. හැබැයි මොනා වුනත් එයා දන්නෙ නෑ එයා අරන් හදාගත්ත ළමයෙක් කියන්න "
ජිමින් කොණ්ඩෙන් ඇඳගෙන බිත්තියට ඔළුව ගහගත්තෙ හිතේ තිබුන තරහ, දුක වේදනාව පිට කරන්න වෙන විදියක් නැති නිසා.
🐥 " ඇයි අප්පා ඔයා මෙහෙම කලේ? ඔයාට තිබුනා මොනා උනත් අපි දෙන්නවම එකට තියන්න. මගෙ ප්‍රින්සස්ව මගේ ළගින්ම තියන්න. එයා ගොඩක් දුක් විඳලා අප්පා. මම කොහොමද අප්පා එයාට මේ දේවල් කියන්නෙ. මමයි එයාගෙ ඔප්පා කියලා මම කොහොමද කියන්නෙ? ඊටපස්සෙ එයා මගෙන් අහන ප්‍රශ්න වලට මම මොනවද දෙන උත්තර? ආහ්හ්හ්හ්හ් උන් මගෙ පොඩි කෙල්ලව සතුටින් තියලා නෑ අප්පා.
.
.
.
.
.
මම උන්ව මරනවා. උන් එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ මන් "ජිමින් කෑගහගෙනම නැගිටලා අතේ තිබුන විස්කි බෝතලෙ පොලවෙ ගහලා රූම් එකෙන් එලියට යද්දි මෙච්චර වෙලා ජිමින් එලියට එනකන් බලාගෙන ඉදපු ජින් ජිමින්ට ළං වුනා.
🐹 " කොහෙද යන්න හදන්නේ දැන්? "
🐥 " මම උන්ව මරනවා හ්යොන් එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ "
🐹 " ජිමින් තමුන්ට පිස්සු හැදිලද? "
රූම් එකෙන් එලියට යන්න හදපු ජිමින්ගෙ අතින් ඇදලා බිත්තියට තද කරගන්න ගමන් ජින් කෑගහද්දි ජිමින් ජින්ගෙ අත්වලින් ගැලවෙන්න දැගලුවා. ජිමින් මොන තරම් දැගලුවත් ජින්ගෙ අත් වලින් ජිමින්ට ගැලවෙන්න තරම් හයියක් මේ වෙලාවේ තිබුනෙ නැත්තේ ජිමින් හිටියෙ හොඳටම ඩ්‍රින්ක්ස් අරන් නිසා.
YOU ARE READING
Dirty Diamonds 💎😈 [ Completed ]
Fanfiction" මට ඕනෙ එයාව හොයාගන්න. තව එකම එක පාරක් ඒ හිනාව දකින්න "