CHAPTER 16 💎

154 26 13
                                    

September 25
Mission day morning

ජිමින් උදේම නැගිටලා වොශ් දාගෙන බේස්මන්ට් එකට ගියෙ අද රෑට තියන මිශන් එක ගැන කල්පනා කර කර. ජිමින් යද්දිත් අනිත් හැමෝම බේස්මන්ට් එකට ඇවිත් වැඩ පටන්ගෙන තිබුනා.

🐥 " කෝ කුකී "

🐿️ " උදේම කොහෙද ගියා ඉක්මනට එන්නම් කිව්වේ "

🐯 " ශුවර් එකටම ඕකා අපාට්මන්ට් එකට යන්න ඇති "

ටේ කියද්දි ජිමින් හිනාවෙලා ඔළුව වැනුවේ ජේකේ ගැන දන්න නිසා. ජිමින් එහෙම්ම අතේ තිබුන ගන් එක අරන් ලෝඩ් කරලා ඈත තිබුන ටාගට් බෝඩ් එකට ශූට් කලේ සූහෝ ෆේක් ගන් එකයි බුලට්ස් ටිකයි ගෙනත් ජිමින් ඉස්සරහ තිබුන ටේබල් එක උඩින් තියද්දි.

🐯 " බුලට්ස් ටික විනාස කරන්නෙ නැතුව ඉදපන්කො "

ජිමින් කට කොනකින් හිනාවෙලා ගන් එක ටේබල් එක උඩින් තියලා සූහෝ ගෙනාපු ෆේක් ගන් එක අතට ගත්තා.
පැයක් දෙකක් ශූට් ප්‍රැක්ටිස් කරලා ජිමින් ඊළගට ගියෙ punching bag එක ළගට. සූහෝ දීපු ග්ලවුස් දෙක අත්වලට දාගෙන හති වැටෙනකන් ප්‍රැක්ටිස් කරපු ජිමින් එකපාරටම බිම දිගා වුනේ හයියෙන් හති දාන ගමන්.
ජින්, සුගා, ජූන්, හොබී හතරදෙනත් ඩයමන්ඩ්ස්ලා එක්ක ෆයිටින් ප්‍රැක්ටිස් කරලා ඇවිත් ජිමින් ළගින්ම දිගා උනේ ටේත් ඇවිත් කට්ටිය ළගින් ඉදගනිද්දි.

🐥 " ඩීකේ මාව සැක කරනවා. එයා මොනහරි දන්නවා "

🐨 " ඇයි මොකක්ද උනේ "

🐥 " ඊයේ හොස්පිට්ල් එකේදි මිනිහා මගෙන් ඇහුවා පාක් ගෘෘප් එකෙ අයිතිකාරයා මමද කියලා "

ජිමින් හොස්පිට්ල් එකේදි උන හැමදේම කට්ටිය එක්ක කියද්දි ටේ අතමිට මොලවගෙන ඩීකේට බනින්න ගත්තා.

🐯 " මේ හිච්චි කොල්ලා නටනවා වැඩී "

🐱 " හිච්චි? ඌ හිච්චි නම් මෙච්චර දේවල් හොයාගනීද?"

🐥 " එයා අපිට ගොඩක් ළංවෙලා ඉන්නෙ "

🐹 " අපි මොකක්ද කරන්නෙ ජිමින් ඒකට? "

🐥 " ඉස්සෙල්ලාම මේ වැඩේ ඉවර කරලා ඉමුකො ඊටපස්සෙ එයා නිකන්ම පැත්තකට වෙයි "

Dirty Diamonds 💎😈 [ Completed ]Where stories live. Discover now