ජිමින් රූම් එකෙන් එලියට ඇවිත් එලියෙ තිබුන පුටුවෙන් වාඩිවෙලා ෆෝන් එක අතට ගත්තෙ කම්මැලි හිතුන නිසා.ජිමින් ටික වෙලාවක් ෆෝන් එක බලලා ෆෝන් එක සාක්කුවට දාගෙන බිත්තියට ඔළුව තියාගෙන ඇස් පියාගත්තා.
" හ්යොන් ඇයි මෙතන තනියම? "
එකපාරටම ඇහුන කටහඬට ජිමින් ඇස් ඇරලා ඔළුව කෙලින් කරලා ඒ දිහා බලද්දි ඇවිත් හිටියෙ ඩීකේ. ඩීකේ එක්ක යන්තම් හිනාවෙලා ජිමින් අත්දෙක බැඳගෙන ඩීකේ එක්ක කතා කරන්න ගත්තා.
🐥 " නිකන් අනිත් කට්ටිය එනකන් හිටියෙ "
" ම්ම්ම් මම ආවත් හරි හ්යොන් එක්ක හරියට කතා කරන්නවත් බැරි වුනා "
🐥 " ඔයා ඉතින් දැන් ලොකු මනුස්සයෙක්නෙ "
ජිමින් කියද්දි ඩීකේ හිනාවෙලා ජිමින්ගෙ එහාපැත්තෙන් ඉදගත්තෙ ජිමින් ටිකක් මෙහාට වෙලා ඩීකේට ඉඩ දෙද්දි.
" මම නම් ලොකු මනුස්සයෙක් නෙවෙයි හ්යොන් හැබැයි හ්යොන් නම් ගොඩක් ලොකු මනුස්සයෙක් වෙලා කියලා මට හිතෙනවා "
🐥 " මම? මම ඉතින් කවදත් ලොකු මනුස්සයෙක්නෙ 😂 "
" ඔව් ඉතින් පාක් ගෘෘප් එකෙ අයිතිකාරයා කිව්වම කොහොමද පොඩි වෙන්නේ "
ඩීකේ කියද්දි ජිමින් පුදුමෙන් වගේ ඩීකේ දිහා බැලුවේ ඩීකේ ඒ ගැන දන්නෙ කොහොමද කියලා හිතුන නිසා. මොකද පාක් ගෘෘප් එකෙ අයිතිකාරයා තමන් කියන්න කිසිම තැනක කියලා නැති නිසා. අවුරුදු ගානක් මීඩියා වලින් කරන ඉන්ටවිව් එකකටවත් නොයා තමන් රැකගත්ත රහස ඩීකේ දැනගත්ත එක ගැන ජිමින්ට තිබුනෙ පුදුමයක් වගේම ඒක ලීක් කරපු කෙනා කවුරු උනත් ඒ කෙනා මරලා දාන්න තරම් තරහක්.
🐥 " පාක් ගෘෘප් එකෙ අයිතිකාරයා?? "
" ඔයා පාක් ජිමින්නෙ?? "
🐥 " ඔව් ඉතින් මම පාක් උනා කියලා මම පාක් ගෘෘප් එකෙ අයිතිකාරයා වෙන්නේ කොහොමද? 😂 "
ජිමින් හයියෙන් හිනාවෙන ගමන් කියද්දි ඩීකේ හිනාවෙලා බිම බලාගත්තෙ ඔළුව වනන ගමන්.
" ඇත්ත ඒක ඇත්ත. මේ වෙනකන් ඔය පාක් ගෘෘප් එකෙ අයිතිකාරයා කිසිම ඉන්ටවිව් එකකටවත් කිසිම අවෝඩ් සෙරමනි එකකටවත් ගිහින් නෑ. Biggest businessman in south asia වුන වෙලාවෙවත් එයා ගියෙ නෑ. හැමෝටම පුදුමයි ඇයි එයා හැන්ගිලා ඉන්නෙ කියන්න. Son of mr.park ඒක තමයි එයා පාවිච්චි කරන නම. එයාගෙ හරි නමවත් කිසිම කෙනෙක් දන්නෙ නෑ. එයා එක්ක දාහකටත් වැඩිය මිනිස්සු වැඩ කරනවා එයා ළගම ඉන්න අය ඇරෙන්න එයාගෙ මූණ වත් වෙන කවුරුත් දැකලා නෑ. සමහරවිට දැකලා ඇති ඒත් එයා තමයි අයිතිකාරයා කියලා දන්නෙ නැතුව ඇති.
Son of mr. Park කියන්නෙම රහස් ගොඩක්....
.
.
.
.
ඔයත් පාක් ඔයාටත් ලොකු බිස්නස් එකක් තියනවා කියලා මම දන්න නිසා මට නිකමට හිතුනා ඒ ඔයා කියලා "
YOU ARE READING
Dirty Diamonds 💎😈 [ Completed ]
Fanfiction" මට ඕනෙ එයාව හොයාගන්න. තව එකම එක පාරක් ඒ හිනාව දකින්න "