ඩීකේ ජිමින්වයි අනිත් හැමෝමවයි යවන්න ඕනෙ තැනට යවලා මීටින් රූම් එකට ගියේ කට්ටියම බලාගෙන ඉදපු නිසා.
ඩීකේ රූම් එකට යද්දි හැමෝම ඉඳගෙන කතා කර කර හිටියෙ බ්ලැක් ඊගල් ගැන. ඩීකේ යද්දිම වගේ කට්ටිය කතාව නතර කරලා ඩීකේ දිහා බැලුවම ඩීකේ හිනාවෙලා තමන්ගේ ලොක්කන්ට සැලියුට් කලා." බ්ලැක් ඊගල් ඇරෙස්ට් කලාද ඩීකේ "
" ඔව් සර් "
" තමුන් එහෙනම් අන්තිමට කොහොමහරි ඒක කලා "
තමන්ගේ ලොක්කා කියද්දි ඩීකේ හිනාවෙලා ප්‍රොජෙක්ටර් එක ඔන් කලේ කට්ටියම ඒ දිහා බලද්දි.
" මම මගෙ කතාව පටන් ගන්න කලින් තව කෙනෙක්ට ඇතුලට එන්න කියන්න ඕනෙ "
ඩීකේ කියද්දි ඇතුලෙ ඉදපු පස් දෙනාගෙන් හතර දෙනෙක්ම මූණ අකුලගත්තෙ එක්කෙනෙක් විතරක් ඩීකේ ගේන්න යන කෙනා ගැන දන්න නිසා.
" මේ මීටින් එකට සර්ලාව විතරක් ගෙන්නුවේ මේ මීටින් එක සම්පූර්ණ රහසක් වෙන්න ඕනෙ නිසා. මොනම හේතුවක් නිසාවත් මෙතනින් එහාට වෙන කිසිම දෙයක් මේ රූම් එකෙන් පිට වෙන්න බෑ "
" තමුන් ඔය අපිට අණ කරනවද? "
" Definitely yes sir , but this is not my order "
ඩීකේ කියලා දොර ළග ඉදපු ඔෆිසර්ට ඔළුව වනලා දොර අරින්න කිව්වාම ඔෆිසර් දොර ඇරියා.
දොර අරිනවත් එක්කම ජිමින්, ජූන්,ජින්,සුගා,හොබී,ටේ,ජේකේ පෝලිමට රූම් එක ඇතුලට ඇවිත් අත් පිටිපස්සට කරගෙන ඔළුවත් කෙලින් කරගෙන පහසුවෙන් හිටගත්තෙ රූම් එකේ ඉදපු හැමෝම මේ කවුද වගේ බැල්මකින් ඩීකේ දිහා බලද්දි.
කළු කලිසමට සුදු පාට ශර්ට් එක ඇඳලා කළුපාටින්ම ටයි එකක් දාලා ගන් හෝල්ඩර් එකත් දාගෙන අත වැලමිට ළඟට වෙනකන් නමාගෙන ඉදපු කොල්ලො හත් දෙනාගෙම තිබුනෙ අමුතුම ගැම්මක්.
YOU ARE READING
Dirty Diamonds 💎😈 [ Completed ]
Fanfiction" මට ඕනෙ එයාව හොයාගන්න. තව එකම එක පාරක් ඒ හිනාව දකින්න "