Chapter 31 🍻

1.6K 282 40
                                    

ජීසූ ඇද උඩට වෙලා කොට්ටෙකුත් තුරුල් කරගෙන තනියම හිනා වෙන ගමන් හිටියේ

" මොකද මොකද තනියෙන් හිනා වෙන්නේ...? ඕක නම් අතිශය භයානක ලෙඩක්...බෙහෙතුත් නැ "

කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු ජීසූ එකපාරට ගැස්සිලා ගියේ සනාගේ කටහඩට

" මොකද යකෝ එකපාරට හොල්මන් වගේ කතා කරන්නේ "

ජීසූ තුරුල් කරගෙන හිටපු කොට්ටෙන් සනාට ගහලා කිව්වා සනා කොට්ටෙත් අල්ලාගෙන ඇවිත් ජීසූ ලගින් වාඩිවුනා

" මොකද දවසෙම රූම් එකට වෙලා."

සනා ඇහිබමක් උස්සන ගමන් ඇහුවා ජීසූට හිනාවක් ගියේ ඉබේටම වගේ

" හිනාවෙන් කියන්න පුලුවන් මොනාහරි වෙලා කියලා "

සනා එහෙම කියලා ජීසූ බෙල්ල වැහෙන්න දාගෙන හිටපු කොන්ඩේ අයින් කරේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොතියා

" යාහ්හ්හ්...."

' ම්ම්ම්...කොටියෙක් හපලා වගේ.."

සනා යටි තොලත් හපාගෙන කියනකොට ජීසූ සනාට ගැහුවා

" ඉතින් යකෝ ඇත්ත නේ කිව්වේ "

ජීසූ සනාට රැව්වා

" මම ආවේ ක්ලබ් යන් ද කියලා අහන්න ක්ලබ් යන්න පුලුවන් තත්ත්වයක නැ වගේ "

ක්ලබ් කියන වචනේ ඇහුනා විතරයි ජීසූ ඇදෙන් පහලට කකුල් දාලත් ඉවරයි

" යමන් යමන් කල්පෙකින් විතර ක්ලබ් එක පැත්තට පලාතේ තියා බලා සැනසෙන්නවත් ක්ලබ් එක දැක්කේ නැ "

" උබට යන්න පුලුවන් ද "

සනා එහෙම අහනකොට ජීසූ නැගිටලා අඩි දෙකක් විතර යනකොට තව පොඩ්ඩෙන් වැටෙනවා

" ඔහොම යන්න පුලුවන් ද යකෝ "

" පුලුවන් යකෝ තෝ රෙඩි වෙලා වරෙන් "

" කවුරුවත් අපි ක්ලබ් යනවා කියලා දන්නේ නැ ගාඩ්ස්ලයි අපි දෙන්නායි ඇරෙන්න කවුරුවත් නැ "

" හරි යකෝ ඉක්මනට පලයන්.....පොඩ්ඩක් හිටාම් මට අදින්න ඇදුමක් ඤැ "

ජීසූ දත් තිස්දෙක ම නියවලා හිනා වෙලා කියනකොට සනා ජීසූගේ ඔලුවට හයේ පාරක් එල්ල කලා

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now