" සන්ග් වූ...."
කෙල්ල මිමිනුවේ ඇස් ලොකු කරගෙන අවුරුදු ගානකට පස්සේ එයාගේ පලවෙනි ආදරේ ඉන්නවා ජීසූට මොනා කරන්න ද කියලා හිතාගන්න බැරුව හිටියේ නොදැනුවත්වම ජීසූගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නැ සන්ග් වූ පිටිපස්ස බලන ගමන් Drive කලා
" ටේහ්‍යුන්ට කෝල් එකක් දෙන්න..."
සන්ග් වූ ජීසූගේ උකුලට එයාගේ ෆෝන් එක දාලා කිව්වා කෙල්ල තාමත් කොල්ලා දිහා බලාගෙන ඉන්නවා
" යාහ්හ්...මගේ දිහා බලාගෙන ඉන්නේ නැතුව කෝල් කරන්න "
" අහ්...හරි..."
ජීසූ එහෙම කියලා ටේහ්‍යුන්ට කෝල් කලා රින්ග්ස් දෙකක් විතර යනකොට ටේහ්‍යුන්ට කෝල් එක ආන්සර් කලා
" යෙබුස්සයෝ..."
ජීසූ හුස්මක් ගත්තා
" ජීසූ..."
" ටේටේ අනේ මට බයයි ඉක්මනට එන්නකෝ.."
ජීසූ ඉකියක් එක්ක කිව්වේ ටේහ්‍යුන් හොදටම බය කරලා
" ඇයි මැනික මොකද වුනේ..."
ටේහ්‍යුන් කලබලයෙන් ඇහුවා සන්ග් වූ සැරින් සැරේ කෙල්ල දිහා බැලුවා
" ඔයා...ඔයා මාව හම්බවෙන්න ඕන පාරට එන්න කියලා ලියපු කොලයක් මට හම්බුනා ඒ නිසා මම පාරට ආවා මාව මරන්න මිනිස්සු කට්ටියක් පන්නනවා ටේටේ...අනේ..මට බයයි.."
ජීසූ ඉකියක් එක්ක කිව්වා
" හරි මැනික....අඩන්නේ නැතුව ඉන්නකෝ කාගෙද ෆෝන් එක "
ටේහ්‍යුන් එහෙම ඇහුවාම ජීසූ බැලුවේ සන්ග් වූ දිහා
" යාලුවෙක්ගේ...."
කෙල්ල කිව්වාම සන්ග් වූ ජීසූ දිහා බැලුවා
" මම එයා එක්ක එයාගේ කාර් එකේ ඉන්නේ "
" ජීසූ...මගේ මැනික බය වෙන්න එපා අඩන්නත් එපා you're my strong girl මම ඉක්මනට එනවා ෆෝන් එක ඕෆ් කරන්න එපා "
YOU ARE READING
♡︎President'S Daughter♡︎||KTH||✅
Fanfictionදේශපාලන,මාෆියා,වෛරය,පලිගැනීම,ආදරය මතින් ගොඩ නැගුණු ඔවුන්ගේ ඉරනම කෙසේ විසදේ ද...? Revenge Season 02 President's Daughter නමින් මෙසේ දිගහැරේ...?❤️ Start :06/08/2022 End :12/01/2023