Next Day Morning
උදේම ටේහ්‍යුන් ගියේ blue house එකට මොකද ජනාධිපතිතුමා උදේම කොල්ලාට එන්න කියලා තිබුනා කොල්ලා blue house එකට දකුණු කකුල පෙරට තියලා ඇතුල් වෙන්න හදනකොටම කොහෙදෝ ඉදලා පිහියක් විසි වෙලා ආවා කොල්ලා පිහිය අල්ලගත්තේ නැත්නම් එයාගේ හැන්සම් ෆේස් එකට හානි සිදු වෙන්න ඉඩ තිබුනා
" යාහ්හ් අප්පා මම කිව්වා මට ඕන bodyguard කෙනෙක් නැ අප්පාට ඕන නම් garden එකේ තියෙන තණකොළ බලාගන්න දාන්න "
ටේහ්‍යුන් ප්‍රධාන ආරක්ෂක පිටිපස්සෙන් ඇතුලට එනකොට ඇහුනේ ඔය ටික තමයි
යකෝ garden එකේ තණකොළ බලාගන්න දාන්න මම එළුවෙක් කියලා හිතුවා ද දන්නේ නැ ඒ කටහඬ හොදට හුරුයි වගේ දැනෙන්නේ ඇයි..? ඔහ් ටේ ඔයාගේ පස්සෙන් දවසකට කෙල්ලෝ කීදෙනෙක් එනවද එතකොට president daughter මගේ පස්සේ ඇවිත්.. වාහ් ඔයා නම් මරු ටේටේ
කොල්ලා එයා ගැන ආඩම්බරයෙන් මනෝපාරක් ගහගෙන හිටියේ
" සර්.."
ප්‍රධාන ආරක්ෂක ගිහින් කතා කරනකොට ජනාධිපතිතුමා හැරුනා
" ඔහ් ටේහ්‍යුන් ආවද "
ඒ නම ඇහුනු ගමන් ජනාධිපතිතුමාගේ පිටිපස්සට වෙලා ඉදපු ජීසූ ඔලුව දාලා බැලුවේ එයා හිතපු කෙනාම ද කියලා ෂුවර් කරගන්න කෙල්ල හිතපු කෙනා තමයි ටේහ්‍යුන්ව දැකපු ගමන් ජීසූගේ කට අක්කරයක් විතර ඇරුනා ජනාධිපතිතුමා එක්ක හිනා වෙවී හිටපු ටේහ්‍යුන් ජීසූ දැක්කා විතරයි අධික සීතල හේතුවෙන් freeze වෙලා වගේ ජීසූ දිහා බලාගෙන ඉදියා
" මේ මගේ දුව ජීසූ ටේහ්‍යුන්ට මෙයාගේ bodyguard විදියට තමයි වැඩ කරන්න තියෙන්නේ මගේ ඉල්ලීම පිලිගත්තාට ස්තූතියි "
ජනාධිපතිතුමා සුහදව එහෙම කිව්වා ජීසූ නම් හිටියේ මේ ලෝකේ නෙවෙයි කෙල්ල කල්පනා කරන්නේ ටේහ්‍යුන් කොහොමද මෙතනට කඩාගෙන වැටුනේ කියලා හිතාගන්න බැරුව
" සර්ගේ ඉල්ලීමට පිටුපාන්න බැරි හින්දා ආවේ "
ටේහ්‍යුන් අත් දෙක සාක්කුවට දාගෙන ජීසූ දිහා බලාගෙන කිව්වේ
YOU ARE READING
♡︎President'S Daughter♡︎||KTH||✅
Fanficදේශපාලන,මාෆියා,වෛරය,පලිගැනීම,ආදරය මතින් ගොඩ නැගුණු ඔවුන්ගේ ඉරනම කෙසේ විසදේ ද...? Revenge Season 02 President's Daughter නමින් මෙසේ දිගහැරේ...?❤️ Start :06/08/2022 End :12/01/2023