03

1K 199 35
                                    


චටාස් .........

" අ..ම්..ම "

" උබ මොනාද ලොකූ මේ කරන්නෙ ? ලැජ්ජාවක් නැද්ද උබට ?"

" මං මොනාට ලැජ්ජ වෙන්නද අම්ම ??  මොනවට කියල ලැජ්ජ වෙන්නද ?"

" ලොකූ හොදට මං මේ කියන දේ අහගන්නව ... ඔයා හිතන් ඉන්න කිසිදෙයක් සිද්ද වෙන්නෑ .. "

" හහ් .. අපි බලමු "

අම්ම ඇවිත් අයියගෙ කම්මුලට ගැහුවෙ මටත් මුකුත් හිතාගන්න බැරි වෙද්දි ..

ගුටි කාපු අයිය බාතෲම් එකට ගිහින් දොර වහගනිද්දි අම්ම ම්ගෙ අතින් අල්ලගෙන අයියගෙ කාමරෙන් එලියට ඇදන් ආව ..

" අම්ම "

" අම්ම .. උබ මොනාද චූටි අයිය එක්ක ඒ කලේ ආ ?

" මොනාද ඉතින්... එයා මාව බදාගෙන හිටිය .. එච්චරයි "

" හරි ඒකට කමක් නෑ .. හැබැයි ආයෙ ඔහොම වෙන්න බෑ

" මොනාද වෙන්න බැරි අම්ම ආ ?? ඒ මගෙ සහෝදරය .. මගෙම සහෝදරය මාව හග් කලා කියල මොනාද වෙන්නෙ ? අනික අයිය එහෙම මාව හග් කලේ කොච්චර කාලෙකට පස්සෙද අම්ම .. ඇයි ඔහොම කතා කරන්නෙ ඔයා අම්මෙ ?"

" ඒකට උත්තර දෙන්න මට බෑ චූටි .. හැබැයි ඔය වගේ දෙයක් ආයෙ වෙන්න බෑ හරිද ? "

එහෙම කිව්ව අම්ම මාව අයියගෙ දොර ලගිනුත් ඇදන් ගිහින් මගෙ කාමරේ ලගදි අතෑරල එයා පල්ලෙහාට ගියා ..

ඇත්තටම සහෝදරයෙක් සහෝදරයෙක්ව හග් කරන එක නරකයිද ?

අම්ම යන දිහා බලාගෙන හිටපු මං ගැස්සුනේ අයියගෙ කාමරේ දොර ඇරෙන සද්දෙට .. මගෙ කාමරේ දොර ලග හිටපු මං බැලුවෙ ඒ පැත්ත වෙනකොට දොර ලග හිටන් ඉන්න අයිය දිහා මං බලන් හිටිය ...මූනට වැටිල තියෙන කෙස් වලින් බේරෙන වතුර එක්ක ඇත්තටම අයියව මට පෙනුනෙ ගොඩක් .... ගොඩක් .... අනේ මංද ..ඒක හරි අමුතුයි ...

ඇත්තටම යුනිෆෝම් එකට අයිය මාර හැන්ඩ්සම් ... නපුරු මූන එක්ක ඇත්තටම පරිසමාප්ත අර්තයෙන්ම කඩවසම් .. කියන්න වචන නෑ ...

මං අයිය දිහා බලන් හිටියෙ මෝහනේ වෙලා වගේ  .. ඒ වෙලාවෙ මගෙ මූන කොහොම තිබ්බද කියල  නම් මං දන්නෑ ... හැබැයි අයියත් මං වගේම මං දිහා බලන් හිටිය වගේම එක පාරට කට කොනේ කිනාවක් දීල ඇතුලට ගිහින් දොර දඩාං ගාල වැහුව ..

HE IS MY SHADOW ( Completed ) ✔ Where stories live. Discover now