නොදැනීම ඒ කටහඩට මගෙ පපුවම හිරවෙනව වගේ දැනෙන් ගත්ත .. ඒත් ඇයි ඒ ..ඇස් කොන් වලින් කදුලු බින්දු කම්මුල් දිගේ ගලද්දි මං බංකුවෙන් නැගිටල ගෙට එන්න ආව ..
මට දුකයි .. ඒත් හේතුවක් දන්නෑ ..
ඒත් එයත් ඉන්නෙ දුකින් .. ඒක එයාගෙ කටහඩෙන් මට තේරුම්ගන්න බැරි කමක් නෑ ..
මට ඕන අයියගෙන් අහන්න එයාගෙ ප්රශ්නෙ ගැන ... ඒත් එයා මට කියයිද ?
අඩුම මං එයාගෙ මල්ලි කියලවත් එයා පිලිගන්නැතුව ඉද්දි මට එයාගෙ ප්රශ්නෙ කියයි කියල නිකන් හිත රවට්ට ගන්න ඕන නෑ ..තාත්ත සෝෆ එකේ ඉදන් ලැප් එකට ඔලුව බර කරන් ඉද්දි මං ඉක්මනට උඩ තට්ටුවට දුවල මගෙ කාමරේ දොර ලග නැවතුනා ...
මට ඉබේම බැලුනෙ අයියගෙ කාමරේ දොර වෙද්දි යන්න යන්න කියල හිත බල කරද්දි මං නොයා මගෙ කාමරේ ඇතුලට ඇවිත් දොර වහගත්ත ..
වොශ් එකක් දාගෙන ඇද උඩට ආවෙ නිදාගන්න .. හෙට ලෙක්චස් ..එපා වෙනව ..
" මං දන්නෑ ඉස්සරහට මොනව වෙන්න යනවද කියල .. හැබැයි මගෙ හිතට තේරුම් ගන්න බැරි ලොකු අමුත්තක් දැනෙනව .."
.
.
.
.
.
." අපි ටිකක් කතා කරමුද ? ඔයා කැමති නම් අපි අර පාක් එකට යමු"
ලෙක්චස් ඉවර වෙලා මහිය එක්ක ගෙදර යන්න තාත්ත එනකන් හිටපු මට කතා කලේ එදා මගෙන් කැමැත්ත ඇහුව කොල්ල ..
කොල්ල ලස්සනයි .. නම නම් කිව්වෙ සදරු කියල .. උස , කර්ල් කොන්ඩෙ .. කලු ඇහිබැම ..
ම්ම් ... කොල්ලගෙ අමුතු ගතියක් තියෙනව ..ඒත් ඉතින් මට නම තමා සෙට් වෙන්නැත්තෙ ..
සදරු කියද්දි නිකන් ඒක බාර් ඇහෙනව ඇහෙනව වගේ ..
තරු දෙන සදරු අයිය මෙයාද දන්නෑ ..මං මහිය දිහත් බැල්මක් දාල අර කොල්ලට හා කියන්න ඔලුව වැනුව .. නෑ ඉතින් අපිටත් තනිකඩ ජීවිත වෙන්න බෑනෙ මං අහන්නෙ .. අනික ඉතින් අද තාත්ත එද්දි ටිකක් වෙලා යයි කියලත් කිව්වනෙ ..
" ඔහ් .. නිතුම් තෑන්ක්ස්... අපි අර අතන බංකුවට යමුද ? "
"හරි යමු .. මහිය උබ ....
YOU ARE READING
HE IS MY SHADOW ( Completed ) ✔
Fanfictionඉතින් , අදුරෙදිවත් මා හැර නොදා ගිය සෙවනැල්ල ඔහුම විය ❤️