07

1K 195 22
                                    


තව බැදීමක් ...
මං පඩිපෙල නගින්නැතුව අයෙම අයිය දිහා බැලුව ..

එයාගෙ මූනෙ තිබ්බෙ මොන වගේ හැගීමක්ද කියන්න නොතේරෙද්දි මං හැරිල එයා ලගට ගියා ..

මං එයාට වඩා කොට උනත් එයා ලගටම ගිය මං ඒ ඇස් දිහා කෙලින් බැලුව ..

" මට ආයෙ කිසිම බැදීමක් ඕන නෑ අධීශ .. මේ හොදටම ඇති .. "

මූනටම කියපු මං කාමරේට ඇවිත් දොර වහල බාතෲම් එකට ගිහින් ඇදුම් පිටින්ම ශවර් එක ඇරල ඒක යටින් හිටගත්ත ..

" ඇයි මට මෙහෙම කරන්නෙ "

ඉකි ගගහ මං මගෙ වේදනාව පිට කරද්දි ඇස් වලින් ගලන කදුලු වතුරට හේදිලා ගියා ..

ඇඩුව .. පුලුවන් තරම් මගෙ වේදනාව මං වතුර යට ඉදන් කෑගැහල පිටකරද්දි  අඩලම ඇති උන නිසා මං තෙමුන ඇදුම් එකින් එක ගලවල නිරුවත් උනා ...

පැයකටත් වඩා මං නාල ටවල් එකත් ඉනට ගැට ගහන් ඇවිත් එහෙම්මම ඇදට වැටුන ..

ඇගම පනනෑ වගේ දැනෙද්දි මට ඇහුන මගෙ ෆෝන් එක රින් වෙනව වගේම මං නැගිටල ගිහින් මේසෙ උඩ තිබ්බ ෆෝන් එක ආන්ස්වර් කලා ..

කතාකලේ අම්ම .. එයා යාලුවෙක්ගෙ ගෙදර ගිහින් .. එද්දි රෑවෙයි ලු .. පරිස්සමෙන් ඉන්නලු ..

එතකොට අම්ම දාන්නැද්ද අයිය ගෙදර කියල ..

මං අම්ම කිව්ව හැමදේටම හා හා කියල කෝල් එක කට් කරල දනිස්සට වඩා කොට ශෝටට ටීශර්ට් එකක් ඇදන් පහලට ගියේ මොනාහරි කන්න කියල හිතන් ..

පහලට යද්දි ටීවි එක ලග සෝෆ එකේ අයිය ඉදන් ඉද්දි මං එයාව ගනන් නොගෙන කුස්සියට ගිහින් සුදු කිරි එකක් හදාගෙන අම්ම හංගල තිබ්බ බිස්කට් ටින් එකත් කිහිල්ලෙ ගහන් අයිය හිටිය සෝෆ එකේ එහාම කෙල්වරේ ඉදගෙන කිරි එකට බිස්කට පොගවල කන්න ගත්ත ..

සෝෆ් එක උඩ තිබ්බ රිමෝට් එකත් අරන් ටීවි එක දාගෙන සිරසෙ යන ටැමිල් ෆිල්ම් එකක් දාගෙන බලන්න ගත්ත වගේම පුදනකොටම කාපි යකා කියල ඒකෙ කොටු කොටු සීන් එකක් ..

මං හීන් සීරුවෙ අයිය දිහා බලල වෙන චැනල් එකක් දැම්ම ..

" මට නැද්ද ? "

HE IS MY SHADOW ( Completed ) ✔ Where stories live. Discover now