05

1K 190 61
                                    

ඔයාල මොකද්ද හිතුවෙ ?
මං ඒකිව බේරගන්න දිව්ව කියල නේද හිතුවෙ පිස්සු කෙල්ලො ටික ආ ?

හහ් .. මගුල තමයි ..

මගෙ පිටිපස්සෙන් අම්මයි මිශෙල්ගෙ අම්මයි එනව දැක්ක නිසයි මං දිව්වෙ .. නැතුව අයිය අරකිව මෙතන එල්ලුවත් මංනම් නෙවේ හැරිලවත් බලන්නෙ ..හැලි වදුරි ...

" අයියෙ අම්මල එනව .. අතාරින්න කො "

කොහොමෙන් කොහොම හරි අයියව ඇදල අරන් මං ඉන්දෙව්ව ..
මාව චොකලට් එකක් ගේන්න යවල මේක තමයි මේ පාං කිරිත්ත කරන්න හදල තියෙන්නෙ .. කපටි සහෝදරය ..

මිශෙල් යකෙක් ගහල වගේ බලන් ඉද්දි මං අයිය ගාවින් ඉදන් එයාව රිලැක්ස් කරන්න එයාගෙ අත මගෙ අත් වලට තද කරගත්ත ..

අමුතුයි තමයි .. ඒත් එයා මගෙ අත් ඒ අත් වලින් තද කරගෙන මං දිහා බලන් හිටිය .. එයා ටික ටික සන්සුන් වෙනව ..

" අධීශ .. ම..මාව විශ්වාස කරන්න .. එයා එක්ක මගෙ කිසිම සම් ..........

" මිශෙල් දුව .. මොකද පුතේ බය වෙලා වගේ ? "

අම්ම ඇවිත් එයාගෙ වෙන්න හිටපු ලොකු ලේලි ලගින් ඉදන් ඔලුව අතගෑව .. මිශෙල් හිටියෙ හෝන්දු මාන්දුවෙන් වගේ ..

උබ හිතන් හිටියනම් මගෙ නෑන වෙන්න .. ඒක ඉක්මනට හිතෙන් අයින් කරගන්න වෙයි පිටිමෝලියෙ .. මොකද මේ මල්ලි මේ මගුල කඩන එක කඩනව ..

" අහ් .. නෑ නැන්දෙ .. ම් ..මං හොදින් "

ඒකි දත් තිස් දෙකම එලියට දාල අම්මට හිනා වෙද්දි මං අයිය දිහා බැලුව .. හැබැයි බැලුවට වඩා නොබල හිටියනම් හොදයි කියල හිතුන ..

පාං කිරිත්ත තාම මං දිහා බලන් .. හරියට ...
ඒ බැල්ම ...
හරියට ජැක් රෝස් දිහා බලන් ඉන්නව වගේ ..

ජැක් රෝස් ..
මොකද හිතන්නෙ ඒ දෙන්න ගැන ..
හිමිවීමක් නැති අහිමිවීමක්..
සමහර විට ඒ දෙන්නට ඒ දෙන්නව අයිති නැතුව ඇති ..

ඒත් ජැක් රෝස් කියන්නෙ ආදරේ කරපු දෙන්නෙක්ලු ..
එතකොට පාං කිරිත්තයි මායි ?
සහෝදරයො ..
ඒකනෙ එයාගෙ හිතේ සහෝදර ප්‍රේමය උතුරනව ඇති දැන් ..

" කෑම ටික මේසෙට ඇරලවල එන්නම් මං ... "

අම්ම එතනින් නැගිටල යද්දි මං පාං කිරිත්ත දිහා බලන් හිටිය ..

HE IS MY SHADOW ( Completed ) ✔ Where stories live. Discover now