මං හිටියෙ ලෙක්චස් ඉවර වෙලා ගෙදර යන ගමන්.. අද මහියත් නැති නිසාම තනියෙන් ගෙදර යන්නෙ .. ඒක කම්මැලි වැඩක් ...මං පාරෙ යන ගමනුත් කල්පනා කලේ අධීශ අම්ම එක්ක කිව්ව දේවල් .. ඇත්තටම එයා මට එච්චර ආදරේද ? මගෙ බඩේ සමනල්ලු පියාබනව වගේ ..
හැබැයි හිතේ තිබ්බ අමුතු සතුට එක තප්පරෙන් නැති වෙලා ගියෙ අම්ම තාත්තගෙ හැසිරීම කොහොම වෙයිද කියල මතක් වෙලා .. අම්ම කෙසේ වෙතත් තාත්ත .. එයා මේකට අකමැති උනොත් .. අනේ මට අධීශ නැතිව ඉන්න බෑනෙ .. මොකද මං එයාට ඒ තරම් බැදිල .. මං ආදරෙයි නෙ...
මගෙ හිත ප්රශ්න ගොඩකින් පිරෙද්දි බිම බලාගෙන පාරෙ යනගමන් හිටපු මං ඉස්සරහ බලාගත්තත් දැකපු දේ එක්ක මං එහෙම්මම නැවතුනා .. වාහනේකට හේත්තු වෙලා හිටියෙ අර මගෙ අම්ම කියන ගෑනුකෙනා වෙද්දි මං ඉස්සරහට නොයා කකුල ආපස්සට ගන්නව එක්කම ඒ වාහනේ ඇතුලෙන් බැස්සෙ අර පිරිමි කෙනා වෙද්දි එනපොට හොද නෑ කියල හිතුන මං පස්ස හැරිල දිව්ව .. ඒත් මගෙ කරුමෙකට පාරෙ වලකට කකුල ගිහින් මාව බිම වැටෙද්දි මට දුවාගන්න තියා නැගිටගන්නවත් බැරිව යද්දි අර මිනිහ මාව අල්ලගෙන ඇදගෙන ආවෙ අර වාහනේ ලගට ..
" අතෑරපන් මාව !! අතෑරඅන් යකෝ !!"
" කට වහගෙන හිටපන් !!"
මගෙම කරුමෙට උදව්වට කියල එකෙක්වත් පේන්න නැති වෙද්දි මං පුලුවන් තරම් හයියෙන් කෑගැහුව .. ඒ උනාට එකෙක්වත් මගෙ උදව්වට නැතිවෙද්දි අර හැඩි දැඩි මිනිහ මාව වාහනේ අස්සට දාගත්තෙ ඒකෙ ඇතුලෙ හිටපු තව පිරිමි දෙතුන් දෙනෙක් මගෙ අතපය ලනුවලින් ගැට ගහල කටත් ගැටගැහුවෙ මට කෑගහන්න බැරි වෙද්දි ..
දන්නෙ නෑ මාව කොහෙට ගෙනියනවද කියල...මං ඒ වෙලාවෙම කලේ දගලල අර මිනිස්සුන්ගෙන් බේරෙන්න හදපු එකම වෙද්දි වචනෙකට විතරක් මගෙ අම්ම උන කෙනා මගෙ කම්මුලකට ගැහුවෙ මගෙ ඇස් වලට කදුලු උනද්දි .. වේදනාවට නෙමේ ඒ දුකට .. ඇත්තටම ඇයි එහෙම... මොන අම්මටද පුලුවන් තමන්ගෙ දරුවට මෙහෙම කරන්න ..
කොච්චර වෙලාවක් ගියාද නොදැන එක පාරටම අර වාහනේ පාලු තැනක නවත්තද්දි වාහනේ ඇතුලෙ හිටපු මිනිස්සු දෙතුන් දෙනා මාව වාහනේ දොර ඇරල බිමට තල්ලු කලේ මාව විසිවෙලා ගිහින් වැලි පොලව උඩට වැටෙද්දි .. එතනින් පස්සෙ අත් දෙකයි කකුල් දෙකයි කටයි ගැටගහල හිටපු මාව එක මිනිහෙක් එක කරක් උඩට ගනිද්දි මං කලේ දගලපු එක ..
YOU ARE READING
HE IS MY SHADOW ( Completed ) ✔
Fanfictionඉතින් , අදුරෙදිවත් මා හැර නොදා ගිය සෙවනැල්ල ඔහුම විය ❤️