මං අතදිගෑරල දීපු කම්මුල් පාර එක්ක අයිය ඇස් රතු කරන් මං දිහා බලන් ඉද්දි ඉදුල් අතින් පිටින්ම මං පුටුවෙන් නැගිටල අඩියෙන් අඩිය පිටිපස්සට ගිහින් දොරට හේත්තු උනා ...එයා කන්න වගේ මං දිහා බලන් මගෙ ලගට එද්දි මං දොර ඇරගෙන එලියට යන්න ගියත් මට වඩා ඉක්මන් උන එයා ඔෆිස් එකේ දොර ඇතුලින් ලොක් කරල මාව ඇතුලට තල්ලු කලා ...
මෙතන ඇත්තටම මමද වැරදි අයියද වැරදි කියල හිත හිත මං පස්සෙන් පස්සට ගියා වගේම මාව බිත්තියට හේත්තු උනා ..
මේ ඉන්නෙ මගෙම සහෝදරය වෙද්දි දැන් මෙතන මං වෙනුවට වෙන කෙනෙක් උන්නත් එයත් කරන්නෙ මං කරපු දේ නෙමේ ද ?
තමන්ගෙම සහෝදරය තමන්ව කිස් කරද්දි ඒක මොනවගේ හැගීමක්ද ?
ඒක මහ අප්‍රසන්න හැගීමක් ..මගෙ හිතට එකදිගට මහ අමුතු දේවල් මතක් වෙන්න ගත්ත .. අයිය මගෙ දිහා බලන් මං ලගට ටිකෙන් ටික එද්දි ඒ ඇස් දිහා බලන් හිටිය මට මතක් උනෙ ....
එදා අයියගෙ කාමරේදි උනදේ .
අම්ම මට අයියගෙන් ඈත් වෙලා ඉන්න කිව්ව එක ...
අද උනදේ ..
එතකොට එදා කෑම මේසෙදි ..
එයාල නොකිය කිව්ව දේවල් ..
නෑ නෑ .. ඒ මං ගැන නෙමේ කිව්වෙ ..උබට පිස්සුද නිතුම් ..
තොට හොදටම පිස්සු ..මං වේගෙන් මගෙ ඔලුව ගැසුව ..
එක දිගට මගෙ ඔලුවට ආව විකාර දේවල් නිසා මාව විකාර වෙලා ගියා ...
" මට පුලුවන්නම් ඔයාව මේ හැමෝගෙන්ම හංගගෙන කොහේහරි නිදහස් තැනකට අරන් ගිහින් මේ වගේ මගෙ පපුව අස්සෙම තුරුලු කරන් තියාගන්න .. "
මුලු ඔලුවම විකාර වෙලා හිටිය මට එකපාරට මතක් උනේ මං නින්දත් නොනින්දත් අතර ඉද්දි අයිය මුමුනපු දේ වෙද්දි මගෙ හුස්ම ගන්න වේගෙ පවා වෙනස් උනා ..
" මට මගෙ හුස්ම නැති කරන්න එපා !! "
එදා රෑ කෑම මේසෙදි කිව්ව දේවල් එකදිගට මතක් වෙද්දි ඒ හැමදේම මං ගැන කියල මගෙ යටිහිත මට වද දුන්න ..
" මගෙ චතූ ..
ම්ම්ම් ... චතූ හොද මදි වගේනම් මගෙ පන කියල කියන්නද ?
YOU ARE READING
HE IS MY SHADOW ( Completed ) ✔
Fanfictionඉතින් , අදුරෙදිවත් මා හැර නොදා ගිය සෙවනැල්ල ඔහුම විය ❤️