04

1K 189 49
                                    


" මිශෙල් යොහාන්‍යා ... බොයිෆ්‍රෙන්ඩ් එක්ක වැලන්ටයින් සමරනව වගේ .. "

අපි ඉස්සරහ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් කරන් මගෙ වෙන්ඩ  නෑන බලන් ඉද්දි අයිය නෑනගෙන් නෝන්ඩියට වගේ ඇහුවම මාත් ඒ වෙලිල තිබ්බ අත් දෙක ඉක්මනට ගලවගත්ත මිශෙල්  දිහා බලන් නෝන්ඩියට හිනා උනා ..

බෝයිෆ්‍රෙන්ඩ් නෙමේ අනේ හොර මිනිහ ..

"අ ... අධීශ ඔ..ඔයා හිතන දෙයක් නෙමේ උනේ .. "

" එහෙනම් කොහොම දෙයක් ද නෑනෙ ? "

කට කහන හින්ද මාත් මගෙ නෑන පොඩ්ඩගෙන් ඇහුවෙ ඒකි දුන්න උත්තරේ නිසා ඒකි එක්ක හිටපු කොල්ලගෙ ඇස් වලට කදුලු පිරෙනව මං හොදට දැක්ක ..

" ම් .. මේ මෙයාගෙ ගොඩක් දුප්පත් කොල්ලෙක් අධීශ... ඉතින් මට පව් කියල හිතුන .. අනික මෙයාගෙ කෙල්ලට තෑග්ගක් අරන් දෙන්නවත් මෙයාට සල්ලි නෑ .. ඒ හින්ද ඉතින් මෙයාව මං මෙහෙට අරන් ඇවිත් කෙල්ලට දෙන්න කියල මොනා හරි අරන් දෙන්න හැදුවෙ .. පව්නෙ ඉතින් අධීශ .. "

අරකි කට හද හද බොරු අතාරිද්දි මං බලන් හිටියෙ අර කොල්ල දිහා .. අහිංසක පාටයි .. මේකි මේ කොල්ලව රවට්ටල ඇති ..

" ඇත්තට ?  ඒකට ඉතින් අතේ වෙලිල ඇලිල ඉන්න ඕන දෙයක් නෑනෙ නේද ? "

අයිය මිශෙල් දිහා කෙලින් බලන් හඩ බර කරල කතාකරද්දි මට බය හිතුන මේකිගෙ කොන්ඩෙන් අල්ලල බිත්තියෙ හයිද කියලවත් ..ඇයි ඉතින් මෙයාට ගහගන්න තියෙනවනම් කන්න ඕනනත් නෑනෙ ..

" අධීශ අහන්නකො ම ................

" එපා .. අද තමුසෙ අපේ දිහා ලන්ච් එකට එනවනෙ ... එතකොට කතා කරමු .. "

එහෙම කියල එයා මාවත් ඇදන් ශොපින් මෝල් එක ඇතුලට ගියා .. මං හිතුවෙ ගෙදර යයි කියල .. එහෙම උනානම් මට කොච්චර ලොකු පාඩුවක්ද වෙන්නෙ ?"

" ඕන දේවල් අරගන්න "

" ඕනම දෙයක්ද ? "

" හ්ම්ම් "

ලැබුනු චාන්ස් එක උපරිම ගන්න මං හූමිටි තියල ගිහින් මට ඕන ඔක්කොම ගත්ත .. සාමානයෙන් අයියල මෙහෙම දේවල් කරන්නෑ .. ඒත් මගෙ අයිය වෙනස් .. ඒ වෙනස ගැන බයයි ..

HE IS MY SHADOW ( Completed ) ✔ Where stories live. Discover now