අම්ම කිව්ව දේ එක්ක මට මතක් උනේ හොස්පිට්ල් එකේදි ඇහුන ඒව .. මොකද මගෙ ඇත්ත අම්ම කියන කෙනා අයිය එක්ක රන්ඩු උනේ මාව ගෙනියන්න .. අවුරුදු ගානකට පස්සෙ මොන හේතුවකටද මාව එයාට ඕන වෙලා තියෙන්නෙ කියන්න නොදන්නව උනත් මට එයා එක්ක යන්න කිසිම කැමැත්තක් නෑ .. ඉපදුන වෙලාවෙ මාව කුනු ගොඩට විසික් කලානම් දැන් හොයන් ඇවිත් ඉන්නෙ දරු දුකට වෙන්න බෑනෙ ..අයිය මාව අතින් අල්ලන් පහලට එක්ක ගියා .. පඩි පෙල බහිද්දි මං දැක්කෙ සෝෆ එකේ කකුලක් පිට කකුලක් දාන් ඉන්න අසංවර ඇදුමක් ඇදන් ඉන්න මැදිවයසෙ කාන්තාවක් වගේම කලු හැඩිදැඩි පිරිමියෙක්ව .. ආයෙ කියන්න දෙයක් නෑ මේ ඉන්නෙ මාව කුනුකූඩෙක අනාත කරල දාල ගිය නමට අම්ම උන කෙනා කියල ..
" තමුන් මොන මගුලකටද මෙහෙ ආවෙ ? "
අයිය මාව් කවර් වෙන්න හිටගෙන අර ගෑනු කෙනාගෙන් අහද්දි එයා නැගිටල හයි හීල්ස් වලින් බකල් ගගහ අයිය ගාවට ඇවිදන් ආව ..
" මං ආවෙ මගෙ පුතාව එක්ක යන්න .. ඇයි ඔය මහත්තයට ප්රශ්නයක්ද ? "
නක්කල් හිනාවක් එක්ක ඒ ගෑනු කෙනා අයියට කියද්දි එයාගෙ අත් මිටමෙලවෙනව පිටිපස්සෙ හිටිය මං දැක්ක .. මං මගෙ අතකින් ඒ මිටිමෙලඋන අත ස්පර්ශ කරද්දි ඒ අතේ ඇගිලි දිගෑරල එයා මගෙ ඇගිලි එක්ක ඒ ඇගිලි පටලව ගත්ත ..
" තමුන්ගෙ ලමයි මෙහෙ නෑ .. කරුනාකරල ඔය මැඩම් මෙහෙන් යන්න .. "
අම්ම අර ගෑනුකෙනාට බනිද්දි මං අම්ම දිහා බැලුව .. අම්මබය වෙලා තියෙන්නෙ මං ඇත්ත දැනගනී කියල .. ඒත් අම්මෙ මං ඇත්ත දන්නවනෙ ..
" ඇත්තට ?? එතකොට නිතුම් කියන්නෙ තමුන්ගෙම ලමයද ? ලැජ්ජ නැද්ද අනුන්ගෙ ලමයි තමන්ගෙ කියන්නෙ .."
" එතකොට තමුන්ට ලැජ්ජ නැද්ද අනුන්ගෙ ගෙවල් වලට ඇවිත් මෙහෙම කෑ ගහන්න .. කරුනාකරල මෙහෙන් බැහැපන් එලියට .. උබලගෙ ලමයි මෙහෙ නෑ .. මෙහෙ ඉන්නෙ අපෙ ලමයි .. "
එකපාරට තාත්ත ඇවිත් කිව්වෙ අම්ම ගිහින් තාත්තට තුරුලු වෙද්දි .. කවදාවත් නොදැකපු තරම් කේන්තියක් තාත්තගෙ මූනෙන් පේද්දි මට ආඩම්බරයක් දැනුන .. මේ ඉන්නෙ මගෙ පව්ල .. මොන දේ උනත් මාව තනි නොකරපු නොකරන පව්ල ..
YOU ARE READING
HE IS MY SHADOW ( Completed ) ✔
Fanfictionඉතින් , අදුරෙදිවත් මා හැර නොදා ගිය සෙවනැල්ල ඔහුම විය ❤️