𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 04

353 63 4
                                    

අදතමා ටේගේ සෝල්මේට් සෝල් එන දවස! ටේහ්‍යූන්ග් උදේ ඉදන් නැගිටගෙන ඉන්නේ! ජිමින් කියපු විදිහට එයාලා ටේහ්‍යුන්ගේ ගෙදර මුලින්ම ඇවිත්ලු එයාලගේ ගෙදරට යන්නේ....උදේම නාගෙන ලස්සනට ඇදගෙන ලිප් බාම් ටිකකුත් තොල්වල ගාගෙන පර්ෆුයුම් නාලා ටේ ගියේ සාලේට එයාගේ අම්මනම් උයනවා අද ඉතිං ගුකීගේ එදා දවස වගේ තමා ස්පෙශල් වෙන්න එපැයි ටේගේ සෝල්මේට් එනවානේ

"පුතා! ජිමින්ලා කොහෙද ඉන්නවා කියන්නේ!

මග එන ගමන් වෙන්නැති! මං අහලා බලන්නම්"

ටිකවෙලාවකින් ටේහ්‍යුන්ග් කැගහන්න ගත්තේ ජිමින්ලා සෝල්වලට ඇවිත් නිසා තව විනාඩි ගානකින් එයාලා ටේගේ ගෙදරට එයි! ඔය අතරේම ගුකීත් ටේගේ ගෙදරට ආවා.

"ඔහ් ජන්කුක්! ඔයා එනවා කිව්වේවත් නැනේ!" ටේ හිනාවෙලා කිව්වා

"මම ටවුන් එකට යනවා එනවද යන්න"

"දැන් ජිමින්ලා එනවා කිව්වානේ කු..." ටේහ්‍යූන්ග් මූණ අමුතු කරන් කිව්වා

"අහ් ඔව්නේ මට අමතක උනා! මං යන්නම් එහෙනන් බායි"

"ඉතිං ඔයත් ඉදලා ඉදලා යන්නකෝ අනේ අපි තුන්දෙනාම ටවුන් යමු ඒකරලා"

ටේහ්‍යූන්ග් කිව්වහම ජන්කුක් ටිකක් කල්පනා කරා! පොඩි කැමැත්තකුත් තිබ්බා ඒ අදහසට ඒත් එක්කම වාහනයක් ඇවිත් මිදුලේ නතරකරා ටේගේ ඇස්ලොකු උනේ අනිවාරෙන් ඒ ජිමින් කියල දන්න නිසා! ටේගේ හාට් එක වේගෙන් ගැහෙන්න ගත්තා එයා ඉක්මනට දිව්වේ මිදුලට

කාර් එකෙන් බැහැලා ලැජ්ජහවෙන් එයාලා දිහා බලන් ඉන්න ජිමින්ව දැක්කහම ජන්කුක්ට ලාවට හිනාගියා! ජන්කුක් නපුරු නැනේ ඉතිං! ටේටනම් අදහගන්න බැ! ටේට ඕන ගිහින් ජිමින්ව බදාගන්න ඒත් ඉතිං කොල්ලෙක්ට උනත් ලැජ්ජහව කියන දේ දශමයක් හරි ගෑවිලා තියනවානේ...ඒත් එක්කම ජිමින්ගේ අම්මා කාර් එකෙන් බැහැලා ටේටේ හිනා වුනා....ටේ ගිහින් ජිමින්ගේ අම්මට වැන්දා... ජිමින්ගේ අම්මා ටේගේ ඔලුව අතගාලා නලලට හාදුවකුත් දුන්නා

"ඔන්න දැන් පුලුවන් දෙන්නට එකටම ඉන්න!"

ජිමින්ගේ අම්මා මිසිස් පාක් කිව්වහම ටේ ලැජ්ජහවෙන් හිනාවුනා....ඒත් එක්කම මිසිස් කිම් ඇවිත් හැමෝම ම ඇතුලට එක්කන් ගියා!

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now