𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 26

541 49 64
                                    

@ 10.00   AM

"ලස්සනයී ඒක.....❤"

ටේහ්‍යුන්ග් මේ උදේ ඉදන්ම ඇදේ හරිබරි ගැහිලා ඇදේ වාඩිවෙලා හිනාවෙවී බල බල ඉන්නේ එයාගේ යාලුවෝ එවපු දිගම දිග මැසේජ් වලින් ටයිප් කරපු wish , videos එහෙම! ඒ අතරේ වැඩියෙන්ම දිගම විශ් එක එවලා තියෙන්නේ ඉතිං හැමදාම වගේ එයාගේ සෝල්මේට්! හොදම යාලුවො ටික ඇරෙන්න  ස්කෝලේ ඉන්න  අනිත් අයත්  ටේහ්‍යුන්ව ස්ටේටස් දාලා විශ් කරලා  තිබ්බා....හැමෝටම පැය භාගයක් විතර රිප්ලයි කරලා සතුටින්ම උදේම නාගේන පහලට යද්දිම...

"සුභ උපන්දිනයක් මගේ මැණික!"

ඒ ජිවිතේ හැම මොහොතේම ටේහ්‍යුන්ට හෙවනැල්ලක් උන පලවෙනි කෙනා.... ටේහ්‍යුන්ගේ අම්මා❤  

"18 උනාට ඉතිං තාමත් මට ඔයා මගේ චූටි කොල්ලම තමයි! හොදට ඉගන ගෙන ලොකු  තැනකට යන්න ඕනි මගේ කොල්ලා...ඒ වගේම හැමදාම සතුටින් ඉන්න ඕනි ඔය විදිහටම හිනාවෙලා හොදද ම්ම්ම්" ටේහ්‍යූන්ගේ අම්මා ටේහ්‍යුන්ව තුරුලු කරගෙන අත්දෙකෙන්ම මූණ අල්ලගෙන නලල ඉඹලා කිව්වහම ටේහ්‍යුන්ව අම්මව තදකරලා බදාගත්තා

Surprise!!!!!

"ජිමිනී..... " ජිමින් දුවගෙන ඇවිත් ටේහ්‍යුන්ව බදාගත්තා! ජෝඩුව ඉතිං ඉන්නේ කොතනද එතන හේතුවක් නැතිවුනත් හිනාවෙනවානේ...මිසිස් කිම්ටත් හිනා මේ කපල් එක දැකලා

"ඔන්න මගේ ගිෆ්ට් එක ඔයාට අද රෑට දෙන්නම් හොදේ! දැන් ඔයා ලෑස්ති වෙන්න අද දවසම අපි ශොපින් කරන්න යන්නේ......"

"ශොපින් කරන්න? "

"ඔව් අනේ ජෙනී ලීසයි 12 වෙද්දි එනවා කිව්වා...ජන්කුක් යුන්ගි එක්ක එයි.... 4ට photo shoot එක... ඔයාව රෙඩී කරගෙන එක්ක එන්න කියල  අයියා කිව්වා ඕන්"

"අයියා ? " ටේහ්‍යූන්ග් ඇහුවේ පුදුමෙන්

"ඔව් පුතා මට කතා කරා! චිමී එක්ක එවන්න කිව්වා "

"මට අයියා ඔය ගැන කිව්වේ නැනේ....හැබැයි විශ් කරලානම් තිබ්බා ❤"

"හරි අනේ ඔයාව එක්ක එන්න කිව්වේ අපිටනේ... යන්කෝ දැන් "

"කාලා යන්න ලමයි....කිරිබත් හැදුවා මම...චිමීත් එන්න "

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now