𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 05

387 77 12
                                    

දවස් තුනකට පසු

ටේහ්‍යූන්ග්ට පස්සේ ජිමින් ගොඩක්ම සමිප උනේ ලීසටයි සෝජුන්ටයි! ඉතිං සෝජුන් තමා එයාලගේ අලුත් යාලුවා! සෝජුන්ව ජන්කුක් කලින් ඉදන්ම දන්න නිසත් දැන් එයාලා හැමෝම හොද යාලුවෝ

"ජන්කුක් මට කිව්වා ඔයා එයාව මගාරිනවා කියලා ඒ ඇයි ටේ"

ජිමින් ඇහුවේ කලින් ජන්කුක් එයාට කිව්ව දේ ගැන! ටේගේ සෝල්මේට් ජිමින් නිසා අනිත් අයට වඩා දෙයක් ටේහ්‍යූන්ග් ගැන ජිමින් දන්නවා කියන්න ජන්කුක් දන්නවා... ඒකයි ඒ ගැන ජන්කුක් ජිමින්ට කිව්වේ

"මට මේක එපා වෙලා තියෙන්නේ ජිමින්! කලින් වගේ නෙවේ හැමවෙලේම යාලුවා කියන බැදීම අස්සේ මට හිරවෙලා ඉන්න බැ තවත්! එයා දිහා මට යාලුවෙක් විදිහට බලන්න බැ ජිමින් "

"ඇයි ඔයා ඒ ගැන ජන්කුක්ට කියන්නැත්තේ"

"මට බයයි අපෙ යාලුකමත් නැතිවෙයි කියලා"

"ජන්කුක් හැමවෙලේම ඔයාව තේරුම් ගත්තා මේකෙදිත් එයා ඔයාව තේරුම් ගයි ටේ!මොනවා උනත් මම ඔයා එක්ක ඉන්නවා"

ජිමින් ටේව බදාගත්තා! ටේට සැනසීමක් දැනුනා! එයාගේ සෝල්මේට් එයා ලග ඉන්න එක එයාට ලොකු හයියක්

.

.

.

.

.

කලින් දවසේ යාලුවෝ හැමෝම කතාවෙලා restaurant එකකදී මීට් වෙන්න කැමති උනා...ඉතිං හිනාහඩවල් මැද්දේ එයාලා විනෝදෙන්...යාලුවො එක්ක ගෙවන ජිවිතේ සතුටක්

"කවුද සෝජු ඕඩර් කරේ!"
ලීසා පුදුමෙන් ඇහුවා

"මම" ජන්කුක් කටකොනෙන් හිනාවෙලා කිව්වහම ටේහ්‍යූන්ග් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා

"ටිකක් බිව්වයි කියලා මැරෙන්නැනේ නැද්ද බන් "යුන්ගිත් ඒකට එකග උනහම ජිමින් ටේ ලීසා තුන්දෙනාම එයාට රැව්වා! යුන්ගිටනම් ගානක්ම නැ එයා තමා යාලුවෝ හැමෝටම වඩා සෝජූ බොන කෙනා

"අහම් අපෙ ටේ කැමති කෙනෙක් ඉන්නවලු ඕන්"

ජිමින් කිව්වහම හැමෝම කන එක නතර කරලා ටේ දිහත් ජිමින් දිහත් පුදුමෙන් බැලුවා! හැමෝටම වඩා ටේ පුදුමෙන් බැලුවේ ඒ මොකද්ද කිව්ව කුනුහර්පේ අහන්න වගේ

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now