𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 12

308 64 12
                                    

"ඔයා මොනාද ටේට දෙන්නේ ජන්කුක්!"

"අනේ මන්දා හිතාගන්න බැ තාම...ඔයා මොනාද දෙන්නේ..."

"ඇල්බම් එකයි... BTS ජැකට් එකයි" ජිමින් කිව්වේ ආඩම්බරෙන්.... ජිමින් දන්නවා ටේ ගොඩක්ම කැමති වෙන්නේ එයාගේ ගිෆ්ට් එකට කියලා..

"වාහ්! ඔයානම් මරු බන්"

ජන්කුක්ගෙයි ජිමින්ගේයි කතාව නැවතුනේ ටේහ්‍යූන්ග් යුන්ගී ලීසායි සෝජුන් එක්ක එයාලා ඉන්න තැනට එනවා දැකපු නිසා...එයාලා හැමෝම ඩෙවෝන් එකට ආවේ යාලුවො ටික එකතුවෙලා කෑම කාලා හවස ෆිල්ම් එකක් බලන්න යන්න.... ජිකුක් දෙන්නා කතා කර කර හිටියේ ලග ලගම එන ටේහ්‍යුන්ගේ උපන්දිනේට දෙන තෑග්ග ගැන

"ඔයාලා මොනහරි ඕඩර් කරාද ?"

"තාම නැ ටේ ඔයාලා එනකන් හිටියේ" ජිමින් කිව්වා

එයාලා හැමෝම රයිස් ඕඩර් කරා... ඊට අමතරව ටේකුක් දෙන්නා අයිසුත්, ජිමින් ස්ටෝබෙර් ජූස් එකකුත්, යුන්ගි සෝජුන් කොකා කෝලා එකකුත් ලීසා කප්කේක් එකකුත් ඕඩර් කරා.... ඔය අතරේ එයාලා ඉන්න තැනට කොටට ඇදපු ගවුමක් එක්ක කොන්ඩේත් කොටට කපපු හුරුබුහුටි ලස්සන කෙල්ලක් ආවේ "හෙලෝ ජන්කුක්" කියාගෙන!! ටේහ්‍යූන්ග් කම්පියුස් ඉතිං

ජෙනී!!!

"ඔහ් මං ඔයාව දැකලා ආවේ ජන්කුක්!!කොහොමද ඉතිං "

"හොදින් ඉන්නවා ජෙනී ඔයාට කොහොමද ...ගොඩ කාලෙකින් නේ "

"ඒකනේ අවුරුදු ගානකින්...මම ගිය මාසේ ආවේ ඇමරිකා ගිහින්... දිගටම මෙහෙ ඉන්නවා ආය"

"හෝව් හෝව් ඉස්සරලම කියලා ඉන්නකෝ කවුද මේ කියලා "

ඒ ඇහුවේ යුන්ගි...ටේත් ඒකට එකග වෙලා ඔලුව වැනුවේ ජන්කුක්ට කතා කරපු කෙල්ල කවුරුඋනත් ටේට එයා ගැන තරහක් ඉර්සියාවක් ආවේ නැති නිසා...කෙල්ලත් ටේට හිනාවුනා ටේත් ආපිට හිනාවුනා!

"මේ කිම් ජෙනී! අපෙ තාත්තලා දෙන්නා ඉස්සර ඉදන්ම යාලුවො... ඒ නිසා තමා අපිත් අදුරන්නේ දැන් අවුරුදු තුන හතරකට කලින් ඉදන්ම වගේ මම ජෙනීව දන්නවා "

"ජන්කුක්ව මම හම්බෙලා ඇත්තේත් දෙතුන්පාරක් වගේනේ " ජෙනී හිනාවෙලා ටේ දිහා බලන් කිව්වා

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now