𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 24

222 48 17
                                    

සතියකට පසු

කාලය වෙනස්වෙන විදිහ ඒ කාලේත් එක්ක මිනිස්සු වෙනස් වෙන විදිහ හරිම පුදුමයි....ඒත් ඒක තමා ඇත්ත....ඉතිං ඒ ගෙවුන සතියට ජන්කුක් වෙනස් උන විදිහ ටේහ්‍යූන්ට අනුවනම්... අවුරුද්දක් ජන්කුක් නැතුව තනියම එයා ජීවත් උනා වගේ දැනෙන්න ඇති....මොකද ඒ තරමට ටේහ්‍යුන්ගේ ජන්කුක් ඒ කාලේ ඇතුලත හිතාගන්න බැරි විදිහට වෙනස් උනා

"ජන්කුක් වරෙන්කෝ බන් යන්න! උබ දැන් දවස් ගානක් තිස්සේ ඕක අස්සටම වෙලා ඉදලා හරියනවද බන්! එලියට ගිහින් එමු එතකොට හිතටත් හොදයි!"

"මං එකසැරයක් කිව්වනේ යුන්ගි! මට පාඩුවේ ඉන්න දීපන්! මං කරන්නේ මට ඕනි දේ "

"අර ටේහ්‍යූන්ග් පව් මචන්! උබ නි-"

"ඇයි එයා විතරක්! හැමවෙලේම ඕකම කියවන්න එපා යුන්ගි!!! එයා තේරුම් ගන්න ඕනි මං ඉන්න තත්වේ! මං එක්ක ආය ඕවා කියවන්න එපා! මට පාඩුවේ ඉන්න දීලා පලයන්! උබට බැරිනම් මම ඉක්මනටම ඉන්න වෙන තැනක් හොයගන්නම්"

"අනේ උබේ කටනම් තියනවා මොනවා නැතත්!පල්ලෙහාට ගිහින් කාපන් පිස්සෙක් වෙන්නැතුව! අම්මා කෑම හදලා ගියේ!"

යුන්ගි තරහින් කියලා හයියෙන් දොරත් වහන් ගියේ ජන්කුක් ඒ දිහා බලලා මූණ අත්දෙකෙන් වහන් ලොකු හුස්මක් පාත දාලා අහක බලාගද්දි! ජන්කුක්ටම පුදුමයි තමන්ගේම වෙනස්වීම......

ජන්කුක් ඇත්තටම මේ ඉන්නේ කොහෙද?

එයා ඉන්නේ යුන්ගිගේ ගෙදර....

තාත්තා ගියායින් පස්සේ ජන්කුක්ගේ ගෙදර ඉන්න එයාට හිත දුන්නැ....අම්මා එක්කවත් තාත්තා එක්කවත් ජන්කුක්ගේ කිසි තරහක් තිබ්බේ නැ තමා ඒත්.... රට දාලා යන තරමට කලකිරිලා එයාගේ අහිංසක තාත්තා විදවද්දි ජන්කුක් කොහොමද අම්මා එක්ක එකගෙදරක සතුටින් ජීවත් වෙන්නේ තාත්තව අමතක කරලා... ජන්කුක්ට ඒලවල්වත් කරගන්න හිතෙන එකක් නැ එහෙ ඉන්නතාක්කල්....

ටේහ්‍යුන්ග් කොච්චර කිව්වත් ජන්කුක් ටේහ්‍යූන්ග් එක්ක නවතින්න ආවේ නැ...ටේහ්‍යුන්ගේ අම්මට බොරුවක් කරන්න බැ එකම ගෙදර ඉදන් එයාලා තවදුරටත් යාලුවෝ නොවෙන නිසා.... ඉතිං ජන්කුක් යුන්ගිගේ දිහා නැවතුනා ....යුන්ගිලාගේ ගෙදර දොර ඕනිම වෙලාවක ජන්කුක් වෙනුවෙන් ඇරිලා තියනවා කියන්න ජන්කුක් දැනන් හිටියා....

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now