𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 20

226 54 37
                                    

"හෙට rehearsal එක ඔයාලට මතකයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හෙට rehearsal එක ඔයාලට මතකයිනේ...උදේ 6 වෙද්දි හැමෝම ග්‍රවුන්ඩ් එකට ඇවිත් ඉන්න ඕනි....අපි 10ට මෙහෙන් යනවා Olympic Stadium එකට...හැබැයි... හය වෙද්දි මෙතන එක්කනෙක් හරි අඩුවුනෝත්....මං කිව්වේ නැ කියන්න එපා කිසි සමාවක් නැ කෙලින්ම ඉරේශා මැඩම් යවයි ඔයාලව ප්‍රින්සිපල් සර් ලගට...පරක්කු වෙන කෙනා විතරක් නෙවේ හැමෝම!! එක්කනෙක් කරන වැරැද්දක් උනත් ටීම් එකක් විදිහට හැමෝටම පනිශ්මන්ට් හම්බෙයි තේරුනානේ...."


ටේහ්‍යුන්ග් මුලු ග්‍රවුන්ඩ් එකම දෙදරලා යන්න කෑගැහලා කිව්වහම ටීම් එකේ ලමයි හැමෝම ටේහ්‍යුන්ගෙන් ඇස් මගැරලා බිම බලන් හිටියේ එයාලගේ බෑන්ඩ් ලීඩර්ට තියන ගෞරවය වගේම බයත් නිසා! කිසිම කෙනෙක් ටේහ්‍යුන්ට පිටින් යන්නැ...ඒ වගේම ටේහ්‍යූන් එක්ක හිත් අමනාපකම් කිසිම කෙනෙක්ට නැ...ඒ නිසා හැමෝම ටේහ්‍යූන්ට respect කරනවා...


"ඔයාලා දන්නවනේ ලමයි මේක අපෙ ස්කෝලේ අය විතරයි නෙවේනේ බලන්නේ... එදාට හැම ස්කෝලෙකින්ම එයි...නගරේ අයත් එයි...හිතාගන්න බැරි සෙනගක් අනිවාරෙන්ම එනවා...පොඩිහරි බයක් නැතුව ඕක මහලොකු දෙයක්ද කියලා හිතුවට අමතක කරන්න එපා මේක තියෙන්නේ අපෙ ස්කෝලේ මේ ග්‍රවුන්ඩ් එකේ නෙවේ... නගරේ ග්‍රවුන්ඩ් එකේ! ඒකත් ඔලුවට දාගෙන ඉන්න හැමෝම!" ජන්කුක් කිව්වහම හැමෝම ඔලුව වනලා ඒක පිලිගත්තා...ලේසි නැ පොඩ්ඩක්හරි වැරදුනෝත් කොච්චර ලොකු ලැජ්ජහවක්ද වෙන්නේ


"විනාඩි 30ක් දෙන්නම්! කැන්ටිමට ගිහින් මොනහරි කාලා බීලා ටිකක් වෙලා මහන්සි ඇරලා එන්න"ටේහ්‍යුන්ග් කිව්වහම හැමෝම කැන්ටිම පැත්තට ගියේ ටේහ්‍යුන්ග් එහෙම්ම මහන්සියෙන් බිම ඉදගද්දි...ජන්කුක් ඒ ලගින්ම වාඩිවුනා


𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now