𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 21

199 50 15
                                    

"අපිට තව දවස් දෙකයිනේ තියෙන්නේ...මේ දවස් දෙකට ඔය ප්‍රශ්න ඔක්කොම අපි අමතක කරමු... ලව් ඔයා බෑන්ඩ් ශෝ එක ගැන හිතන්න එතකොට ජන්කුක් ඔයා... අමතක කරන්න එපා ඔයාට march past එකේ වැඩ බලන්න තියනවා....අද දවසම ඒක ප්‍රැක්ටිස් කරන්න prefect සෙට් එකත් එක්ක...මමයි ජෙනී ඔයාගේ ටේහ්‍යූන්ගී එක්ක ඉන්නම්...."

"ඕකේ....ඔයා කියන විදිහටම කරන්නම් සර් පාර්ක් ජිමින් "

ජන්කුක් අමුතු විදිහට හිනාවෙලා කිව්වහම ජිමින් රවලා අහක බලාගත්තා...ජිමින් ඉන්න නිසා ටේහ්‍යුන්ටත් සමුදීලා ජන්කුක් ගියේ march එක ප්‍රැක්ටිස් කරන්න....එයාලා හැමෝම ඇවිත් ඉන්නේ Olympic stadium එකට.... Drill එකේ අය, band එකේ අය, March past එකේ අය විතරයි ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරන්නේ.... ඊට අමතරව ඉරේශා මැඩම් , අරවින්ද සර් , ප්‍රින්සිපල් සර් එක්ක නැටුම් මැඩම්ලා දෙන්නත් එයාලා එක්ක ගිහින් හිටියා.....

ඊට අමතරව යුන්ගි, ජෙනී, ලීසත් එයාලත් එක්ක හිටියා.... ටේහ්‍යුන්ග් එක්ක ජිමින් ජෙනී එකතු වෙද්දි ජන්කුක් එක්ක යුන්ගියි ලීසයි එකතු වුනා

"හරි එහෙනම් පෝලිම් වලට යන්න හැමෝම! අපි ග්‍රවුන්ඩ් එකේ වටයක් ගිහින් එමු "

ටේහ්‍යුන්ග් කිව්වහම හැමෝම ඇස්වහන් ලෝකු හුස්මක් අරගත්තා...ඒකට කාටවත් බැ කියන්න විදිහක් ඇත්තෙම නැ.... ස්කූල් ග්‍රවුන්ඩ් එක තරම් සිය ගුණයක් විශාල stadium එක වටේ යනවා කියන එක ඇත්තටම එයාලා හිතනවටත් වඩා ලොකු අභියෝගයක්.... ක්‍රිස්තුදේව එක ගැන මේ සැරේ මුලු රටේම අය කතාවෙයි....

විනාඩියක් ...

විනාඩි දෙකක්...

විනාඩි තුනක්...

විනාඩි හතරක්...පහක්....නැ!!!

විනාඩි තිස්පහක්!!!

විනාඩි තිස්පහක් ගියා බෑන්ඩ් එකට පටන් ගත්ත තැන ඉදන් කලින් හිටපු තැනට එන්න... ටේහ්‍යුන්ග් එක්ක හැමෝම අවංකව කකුල් හසුරවලා ඒ විනාඩි තිස්පහ stadium එකේ ගියා...ඒත් එක්ක ජිමින් ජෙනී දෙන්නා ඒක වීඩියෝ කරා... ටේහ්‍යූන්ග් ජන්කුක් එක්ක එකතුවෙලා බෑන්ඩ් ශෝ එකට තෝරගෙන තියන සිංදු එකක්වත් කිසිම කෙනෙක් skip කරන ඒවා නෙවේ......කාලයක් ඇතුලත trending උන... හැමෝගෙම හිත්වල අමතක නොවෙන විදිහට රැදිලා තිබුන songs ප්ලේ කරන ගමන් එයාලා stadium එකේ වටයක් ගියා...

𝙏𝙍𝙀𝘼𝙎𝙐𝙍𝙀 𝙏𝙐𝙍𝘽𝙐𝙇𝙀𝙉𝘾𝙀 [𝑻𝑨𝑬𝑲𝑶𝑶𝑲] Where stories live. Discover now