☠️

80 19 21
                                    



එලාම් එකේ සද්දෙත් එක්ක නැගිට්ටේ ඔලුව පුපුරන්න තරම් දැනුන කැක්කුමත් එක්ක..රෑ තිස්සෙ වෙන දේවල් එක්ක මේ ටිකේ හරි හමන් නින්දක් නැති කොට ඔලුවෙ කැක්කුම එන එක හිතන්නත් දෙයක්ද...ඔලුවත් අල්ලන් ඇඳෙන් නැගිටලා මන් ෆෝන් එක අතට ගත්තේ ඔන්න ඔහෙ අදට නිවාඩුවක් දානවා කියලා හිතන්..ඉස්කොලේට මට එන්න වෙන්නෑ කියලා ඉම්ෆෝම් කරලා නිවාඩුවක් අරගෙන බාත්රූම් එකට ගිහින් ඇවිත් ආයෙ නිදාගත්තේ තව ටිකක් නිදාගන්න හිතන්...

...........................

නැගිටිනකොට දහයත් පහුවෙලා...ඇඳෙන් නැගිටින්න බෙඩ්ශීට් එක අයින් කරනවත් එක්කම දැක්කේ කකුලේ ankle එක හරියේ රතුවෙලා අත් පාරක් හිටලා..ඒක වටේට දම්පාට වෙලා නිකන් තැල්ම හිටලා වගේ..ඒත් කොහොමද එහෙම උනේ....රෑ දැකපු හීනෙත් එක්ක හිත ගැස්සුනත්..සමහරවිට ඊයෙ පුටුවෙන් වැටුන වෙලෙ කකුල වදින්න ඇති....වොශ් එකක් දාගෙන උදේට උයලා කරලා ජිමීටත් කන්න දීලා..ජිමීවත් අරන් ටිකක් එලියට ගියේ ඔලුව ටිකක් නිදහස් කරගන්න...පරන බන්ගලාව හරියෙන් යන්න හදනකොට ජිමී ඒ පැත්තට දිව්වෙ මගෙ අතේ තිබ්බ පටිය අතෙන් ගිලිහිලා යනකොට...ජිමී බන්ගලාව දිහා බලන් බුරනවා කොච්චර ලඟට එන්න කියලා කතා කරත් එයා නෙමේ බුරන එක නැවැත්තුවේ...අහේතුකවම හදවත වේගෙන් ගැහෙන්න ගන්නකොට.හෙමින් ජිමී ලඟට ගිහින් පටියෙන් අල්ලගෙන ජිමීවත් ඇදගෙන ගෙදරටම දිව්වා...හවස් වෙනකන්ම ටීවී බල බල ඉඳලා සාහිල් එක්කත් කතා කරලා එහෙම පුටුවට වෙලා නවල් එකක් කියව කියව හිටපු මන් උඩ තට්ටුව දිහා බැලුවේ..කාගෙ හරි අඩි සද්දයක් උඩින් ඇහෙන්න ගත්ත නිසා..පොත පැත්තකින් තියලා පුටුවෙන් නැගිටලා හෙමින් පඩිපෙල ගාවට ගිහින් නැවතුනේ උඩට ගිහින් බලනවද නැද්ද කියලා හිතාගන්න බැරිවෙනකොට....උඩ තට්ටුවෙ බඩු පෙරලෙන්න ගන්නකොට ඕන මගුලක් වෙන්න කියලා උඩට ගියත් කිසි දෙයක් පේන්න තිබ්බෙ නෑ...ආපහු පහලට එන්න හැරුනත් කාමරෙන් ආයෙමත් ඇහුනේ අර අඬන හඬ....පපුව වේගෙන් ගැහෙනවා මගෙ...කරකියාගන්න දෙයක් නැතිවෙනකොට දොරත් ඇරන් මන් කාමරේට ගියා...බැල්කනියෙ ඇරුන දොරෙන් හුලඟට වැනෙන කර්ට්න් අතරින් කාගෙදෝ හෙවනැල්ලක් තියෙනවා...ඒ හෙවනැල්ල ටිකෙන් ටික පැහැදිලි රූපෙකට හැරෙන්න ගත්තේ ඒ ඇඬුම වියරු හිනාවකට මාරු වෙනකොට...උන් හිටි තැන් පවා අමතක වෙන්න ගියේ තප්පරයයි...ෆෝන් එකත් අරන් මන් දිව්වෙ බාත්රූම් එකට...ගිහින් හයියෙන් දොර වහලා ලොක් කරගෙන දොරටම හේත්තුවෙලා අඬන්න ගත්තේ දනහිස් වල මූන ඔබාගෙන...ටිකකින් බාත්රූම් එකේ දොරට හයියෙන් කෙනෙක් ගහගෙන යද්දි මන් දොර ගාවින් එහාට්ට වෙලා ශවර් එක යට ඉඳගත්ත්තේ මගෙ අඟේ  වැදිලා ශවර් එක ඇරිලා මාව නෑවිලා යනකොට...අඬ අඬම සාහිල්ට කෝල් කරනවත් එක්කම එයා ආන්සර් කරා....

The Darkness Of Death 🚫☠️ ( complete )Where stories live. Discover now