සුව නින්දක හිටපු කෙල්ල එක්වරම නැගිට්ටේ ඉහෙන් කනින් දාඩියත් දාගෙන...කලබලෙන් මෙන් ඇහිපිල්ලම් ගසමින් අත් දෙකෙන් ඔලුවත් අල්ලන් හුස්මක් පහල දාපු කෙල්ල ඉස්සරහා බැලුවෙ සාහිල්ගෙ කටහඬට....
" පෙන්නලා ඉවරනම් ඕක වහගන්නවද මැඩම්..ම්ම් ආයෙ මාව අවුස්ස ගන්නැතුව.."
සාහිල් කිව්වෙ කට කොනට හිනා වෙලා කෙල්ලගෙ පපුව දිහා බලලා ඇහැක් ගහන ගමන්.....කෙල්ල ඔලුව උස්සලා බැලුවමයි දැක්කෙ ඉස්සරහා සෝෆා එකට වෙලා ලැප් එකත් ටේබල් එකේ තියන් කෙල්ල දිහා කැත බැල්මක් දාගෙන ඉන්න සාහිල්ව...එතකොටයි කෙල්ලට මීටර් උනේ..ටග්ගාලා බෙඩ්ශීට් එක උඩට කරගත්තේ කොල්ලට රවන්නත් අමතක නොකර...
" හහ්..දැන් වැහුවට වැඩක් ඈ..ගිහින් වොශ් එකක් දාගන්නවා මන් තේ එක අරන් එන්නම්.."
කොල්ලා කිව්වෙ එලියට පයින්න දඟලන හිනාව දරාගනිමින්...කොල්ල යනකන් ඉඳලා කෙල්ල ඉක්මනින් බාත්රූම් එකට රින්ග ගත්තේ අතට අහුවෙච්ච ඇඳුමත් අරන්...වොශ් එකක් දාගෙන එලියට එනකොට ටේබල් එක උඩ තේ එක තිබ්බත් සාහිල් පේන්නට හිටියෙ නෑ...කෙල්ල තේ එකත් තොල ගාමින් බැල්කනි එකට ගියේ වටපිට බලමින්...
" කොහෙද මෙයා ගියේ " කෙල්ල මිමිනුවෙ බැලකනි එකට පේන ගාර්ඩ්න් එක දෙසට ඇස් යවමින්...කෙල්ලගෙ මුවේ හිනාවක් ඇඳුනේ මෙච්චර වෙලා හොයපු ඒ රුව දකිනකොට..කෝල් එකකින් කාටදෝ බනිමින් ගාර්ඩ්න් එකේ එහෙට මෙහෙට කේන්තියෙන් යන කොල්ලව දැක්කම කෙල්ලගෙ හිනාව එලියට පැන්නා .....
" කුකුල් කේන්ති කාරයා..උදේම කාට හරි දෙහි කපනවා වගේ.." සාහිල් දෙසම බලාගෙන හිටි ඒ ඇස් ගැස්සුනේ එක්වරම සාහිල්ගේ බැල්මත් කෙල්ලගෙ දිහාවට වැටුන නිසා...කෙල්ල ඇඳන් හිටපු ලා රෝස පාට කෙටි ගව්මත් එක්ක නාලා කඩලා දාපු දිග කොන්ඩෙ කෙල්ලට ගෙනාවෙ අමුතුම ලස්සනක්...කේන්තියෙන් හිටපු සාහිල්ගෙ හිත එක මොහොතකින් සන්සුන් කරන්න කෙල්ලගෙ රූපෙට පුලුවන් වෙනකොට ෆෝන් එක සාක්කුවට දාගත්තු කොල්ලා කෙල්ල දිහාම බලන් හිටියේ...ඇඳගෙන හිටපු බොටම් එකේ සාක්කු වලට අත් දාගනිමින්...ආයෙමත් ආපු කෝල් එක නිසා කොල්ලා ෆෝන් එකත් අරගෙන ටිකක් එහාට්ට ගියේ..කෙල්ල බැල්කනි එකෙන් ඇතුලට විත් ජනේලේ ගාවින් ඉඳගෙන සාහිල් දිහා බලාන හිටියේ ඒ දේහදාරි රුවට සමවැදිලා....ඒත් එක්වරම ජනේලය විශාල ශබ්දයකින් වැහිලා ගියේ කෙල්ලගෙ තොල කට හිඳිලා යනකොට....ජනේලේ ගාවින් නැගිටපු කෙල්ල දොර අසලට දිව්වෙ එලියට දුවන්න උනත් දොරත් එලෙසම වැහිලා ගියේ කෙල්ලව තවත් බය කරමින්...දොර වැහෙන පමාවට බය වෙලා කෙල්ලව කෙල්ලව එතනම ඉන්ඳවුනේ...හදවත් රේස් එකක මෙන් ගැහෙන විට...දොර අසලින් ඇසුන කවුරුන් හෝ එහාට මෙහාට දිව යන අඩි ශබ්දය එක්ක කෙල්ල හෙමින් පිටිපස්සට පිටිපස්සට ගියේ තොල් පවා වෙව්ලන්න ගනිද්දි...එක්වරම අඩි ශබ්දය දොර අසලින් නතර උනේ කෙල්ලව තවත් බය කරමින්...කෙල්ල බැලුවේ බැල්කනි එක දිහා..ඉක්මනින් කකුල් වලට වාරු දී නැගිටලා බැල්කනි එකට දිව්වත් කෙල්ල එකතැනම නැවතුනේ..දොර රෙදි අතරින් පෙනුන රුව නිසා..කෑ ගහගන්නවත් අමතක වී යනකොට...ඈ හට දැනුනේ මහත් අසරණ කමක්...ඒ රුව දොර රෙදි ඇතුලෙන් හෙමින් එලියට එනකොට ශෙනූ පිටිපසට පිටිපසට ගොස් නැවතුනේ බිත්තිය අසලයි...දෑස් පිය අරින විගස ඒ රුව ඇය අසලටම විත් ඇගේ බෙල්ලෙන් තද කර ඇල්ලුවෙ කෙල්ලව බිත්තියෙත් වැදී යනකොට...ඒ වියරු ඇස්..මූන පුරා විසිරුන ලේ...ඒ රූපයට ගෙනාවෙ මූසල මෙන්ම බයානක පෙනුමක් ශෙනූට කරගන්න අතක් නැතිවුනි කෙමෙන් කෙමෙන් ඇගේ සිහිය ඇගෙන් ගිලිහෙන්නට වුන් කල..ඇගේ දෑස් පිය උනි...ඇයව අතහැර වියරු රූපය මියැකී ගියේ...කෝල් එක අවසන් කර නැවත කාමරයට පැමිණි සාහිල් නිසාය...සාහිල් උන් තැන ඇයට කිසිවක් කල නොහැක්කේ ඔහුගෙ ගෙලෙහි තිබූ ආරක්ශා නූල හේතුවෙන්....
කොල්ල කාමරයට එනවිට දැක්කේ කාමරයේ බිම වැටී හිටපු ශෙනූවයි...
"ශෙනූ !!!! "
ඇය අසලට ගොස් ඇයව ඔසවාගෙන ඇඳ මතින් තියලා කොල්ල ඩොක්ටර්ට කතා කලේ ගැහෙන අතැඟිලි වලටද තරහ පිට කරමින්...
" ඒයි..ශෙනූ නැගිටින්න..මොකද උනේ බබා..දැන් හොඳින් හිටියනේ..එකපාරටම ඇයි මේ.."
........
ඩොක්ටර් පැමිණ ඇයව පරික්ශා කරනතුරු සාහිල් පිටතට වී සිටියේ අසිහියෙන් මෙන්....දොරගුලු විවර වෙන ශබ්දයත් එක්ක කොල්ල ඩොක්ටර් ගාවට ගියේ නොයිවසිල්ලෙන්...
" ..ඩොක්ටර් මගෙ වයිෆ්ට කොහොමද ? "
" මන් හිතන්නෙ එයා මොනාට හරි බය වෙලා...ශොක් එක නිසා කලන්තේ දාලා තියෙන්නෙ..ටිකකින් ඇහැරෙයි.."
"ආහ් අනික congratulations mr.vijesinghe "
"ඔයාගෙ වයිෆ් ප්රෙග්නට්..you're going to be a father..."
ඩොක්ටර් සිනාවෙමින් පවසා
සාහිල්ගෙ උරහිසට තට්ටුවක් දමමින් ඔහු එතනින් පිටව ගියේ.... සාහිල් උන් තැනම වූ දේ කුමක්ද කියාවත් සිතා ගත නොහැකි වූ තැනයි...
---------------------------☠️-----------------------------
hii babies i'm back 😼
ඉක්මනින් අනිකත් දෙන්නම් හොඳේ..😁
හෙට ගමේ යන නිසා දවස් දෙකක් විතර පරක්කු වෙන්න ත් ඉඩ තියෙනවා ඒත් මන් කොහොම හරි දෙන්න බලන්නම් okay 😙එහෙනම් අදහස් කියාගෙන යන්න 😪
( බබා එක දවසින් නාව බව කරුණාවෙන් සලකන්න 👀😂 )
bye 🌚❤️
YOU ARE READING
The Darkness Of Death 🚫☠️ ( complete )
Terrorමරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️