කෙල්ල උදේ ඇහැරුනේ තදින්ම ඔලුවට දැනුන බර ගතියත් එක්ක...ඔලුවත් අල්ලගෙන නැගිටලා වටපිට බැලුවත් සාහිල් පේන්න හිටියේ නෑ..ශෙනූ හැදුවෙ ඇඳෙන් බහින්න උනත්..ඒ එක්කම දොරත් ඇරගෙන තේ එකත් අතේ තියාගෙන කාමරේට ආවෙ සාහිල්...
" තමුසෙට කොහොමද දැන්...උණ අඩුයි වගේද.."
තේ එක ටේබල් එකෙන් තියලා කෙල්ලගෙ නලලට අත තියලා බැලුවේ..
" ම්ම් දැන්නම් රස්නේ නෑ...කෝ මේ තේක බීලා ඉන්න.."
"ස්..සාහිල් ම්.මන් වැඩට යන්න ඕන..දැන් වෙලාව කීයද.."
" අනේ මේ නටන්නැතුව ඉන්නවා..මන් ස්කූල් එකට කතා කරලා නිවාඩු ඉල්ල ගත්තා..."
" මන් ඊයෙත් නිවාඩු ගත්තා අනේ...මෙහෙම නිවාඩු ගත්තොත් මාව අයින් කරලා දායි.."
" හහ්..මේ සාහිල් මාධව විජේසිංහගෙ වයිෆ්ව අයින් කරන්න..හීනෙන් තමා."
සාහිල් කිව්වෙ කට කොනට හිනාවක් රඳවන්....
" කෝ කෝ දැන් මේක බීලා ඉන්න පස්සෙ මූන හෝදන් කෑම කමු..."
" ඔයා කෑමත් හැදුවද ? "
" හ්ම්ම්..දැන් ඕක බීලා ඉන්නවා.."
"හ්ම්ම් "
තේ එකත් බීලා කෙල්ල ඇඳෙන් නැගිටිනකොටම දැක්කේ ඇඳ ලඟ වතුර බාජනේ එක්ක එක්ක තිබ්බ රෙදි කෑල්ල...කෙල්ල කොල්ලා දිහා බැලුවා..
" මේවා...ඔයා මුලු රෑම ඇහැරන් හිටියද සාහිල්..? "
" තමුසෙට හොඳටම උණ ගත්තනෙ...ඉතින් උණ අඩුවෙනකන් හිටියා! "
සාහිල් ලඟට ලන් වෙලා කොල්ලව බදාගත්ත කෙල්ල කතා කලේ ඇස් වල කඳුලු පුරවන් තවත් තදින් කොල්ලව බදාගන්න ගමන්...
" මට සමාවෙන්න සාහිල්..මන් නිසා ඔයාටත් කරදරේ...මේ වෙන දේවල් මොනාද කියන්නවත් මට තේරෙන්නෑ සාහිල්..ඒ කව්ද කියන්නවත් මට හිතාගන්න බෑ..මන් දැන් මොකද කරන්නේ සාහිල්..මට පිස්සු හැදිගෙන එනවා වගේ මට දැනෙන්නේ...මට බයයි සාහිල්.."
" ශ්ශ්..අඬන්න එපා බන් හැමතිස්සෙම...අනික තමුසෙ සමාව ඉල්ලන්න ඕන නෑ...දැන් ගිහින් මූන හෝදන් එනවා..කෝ කෝ යනවා ගඳේ බෑ තමුසෙ ගාව..!! "

YOU ARE READING
The Darkness Of Death 🚫☠️ ( complete )
رعبමරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️