☠️

71 15 12
                                    

.
.
.
.
.
" ඒ මැඩම් නැගිටිනවා !!! " උදේම සාහිල්ගේ කෑගැහිල්ලට ඇස් ඇරපු මන් ආයෙ අනිත් පැත්තට හැරිලා නිදාගත්තේ එයාව ගනන් ගන්නැවතුවමයි....ටිකකින් එයා ඇඳට පැනලා මගෙ කන ලඟට පාත් උනේ මගෙ වටෙන් අත දාලා මට ලන් වෙන ගමන්...

" නැගිටින්න අදහසක් නැද්ද කම්මැලියට..ම්ම් දැන් දහයත් පහුවෙලා.." කනටම කරලා කොඳුරල කියනකොට මන් අතෙන් එයාගෙ මුනට ගැහුවේ..

" තව ටිකක් නිදාගන්න දෙනවකෝ "

" මේ මෙන්න මෙහෙ නැගිටිනවා..හහ් මහ ලොකු ටීචර් පස්සට ඉරඑලිය වැටෙනකන්ම උඩදාන් නිදියනවා "

" කෝ කෝ නැගිටලා මේ තේ එක බීලා ඉන්නවා..මන් යනව  වොශ් එකක් දාගන්න " එහෙම කියලා මගෙ කම්මුලකුත් සිපගෙන එයා නැගිටලා බාත්රූම් එකට රින්ගගත්තේ..මාත් අමාරුවෙන් ඇඳේ ඉඳගන්නකොට...

තේ එකත් බොන ගමන් මන් නැගිටලා බැල්කනියට ගියේ  පරිසරයේ තිබ්බ සීතල සුලඟ විදිමින්...මන් ආසම මේ වටපිටාවට ඈතින් පේන තේ වතු...වත්ත පුරා පිපිලා තියෙන එක එක වර්ගේ මල්...වත්ත පහල තියෙන විශාල රොබරෝසියයි ඇහැළ මල් ගසුයි..හුලඟට ඒ පෙති හැමතැනම වැටෙන විදියට..මේ  සීතල කාලගුනයට...මේ ජීවිතේට තමා මන් ආසම කලේ...ඒ දිහා බලාගෙන කල්පනාවක අතරමන් වෙලා හිටිය මාව ගැස්සිලා ගියේ සාහිල් අත්වැටට බර දීලා මාව පිටිපස්සෙන් බදාගත්ත නිසා...දුහුල් රාත්‍රී ඇඳුමෙන් ඔහුගෙ උණුහුම හොඳින්ම දැනුනා...ඒ ශක්තිමත් අත් මගෙ පිරුණු කුස වටා එතුනේ මාත් ඒ අත් උඩින් මගෙ අත් තියනකොට.....

"මෙයා එලියට එනකන් ඉවසිල්ලක් නෑ ශෙනූ...මගෙ චූටි කෙල්ල මේ තාත්තිගෙ අත් උඩට එනකන් මට ඉවසිල්ලක් නෑ..." මගෙ ගෙල මතින් තොල් තියලා හුස්මක් ඉහලට අරන් සාහිල් කියනකොට මන් ඒ මූන දිහා බැලුවේ..ඇසුත් ලොකු කරන් හිනාවෙන ගමන්..

" ඔහොම ඇස් ලොකු කරන්න එපා බන් හැමතිස්සෙම..එලියට පනිනවා දැන් කොයිවෙලෙ හරි...."

" ඔයා කිව්වෙ චූටි කෙල්ල කියලද ? "

" ඔව්..ඇයි..ඔන්න බලනවකෝ එයා අනිවාරෙන්ම කෙල්ලෙක්..හරියට එයාගෙ අම්මා වගේම ලස්සන බෝල ඇස් එක්ක පිම්බෙන කම්මුල් තියෙන.." සාහිල් එහෙම කියනකොට මන් හිනා උනේ ඇස් වලට කඳුලු උනනකොට..

The Darkness Of Death 🚫☠️ ( complete )Where stories live. Discover now