අවුරුදු හතකට පසු,කාලය හරිම වේගෙන් ගලාගෙන ගියේ අපෙ ජීවිත වලට තවත් වසන්තය උදාකරමින්...සාහිල්ටත් දැන් හොඳටම සනීපයි...මාත් දැන් දරුවෝ දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්....පුතාට දැන් අවුරුදු හතක් වෙනවා ශෙනාල් මාධව විජේසිංහ පුතාගෙ නම වෙනකොට....ඒ වගේම
අපෙ චූටි සුරංගනාවි අමායා විජේසිංහ...දැන් අවුරුදු පහක හුරතල් කෙල්ලෙක්...පුතානම් තාත්තගෙම කපාපු පලුව..ඒ කේන්තිය ඒ ආඩම්බරකාර රූපේ අඩුවක් නැතුවම එයාට ලැබිලා තිබ්බා...දූව දකින වාරයක් ගානෙ අමාව මතක් වෙන්න හේතුවක් උනේ අඩුවක් නැතුව ලැබිලා තිබ්බ අමායගේ රූපෙත් ඒ අහංකාර ගතිගුණත් එක්ක...දරුවෝ දෙන්න එලියේ සෙල්ලම් කරන දිහා බලාගෙන හිටපු මාව ගැස්සිලා ගිහින් පියවි ලෝකෙට ආවෙ පිටිපස්සෙන් දැනුන උණුසුමට...වැඩි වෙලාවක් ගියෙ නෑ ඒ කවුද කියලා දැනගන්න..." වැඩ ටික ඉවර කරගත්තද සාහිල්.."
" හම්මෝ ඔව් !! මදෑ පව්ලත් එක්ක නිමාඩුවට නුවරඑළියට ආවා..."
" ඔයාට මහන්සිද මන් බොන්න මොනා හරි හදන් එන්නම් "
යන්න ගියපු මාව නවත්තලා තවත් තදින් තුරුල් කරගත්ත සාහිල්
" මෙහෙම ඉන්න.."
" හ්ම්ම් "
" මොනවද මන් එනකන් මෙච්චර වෙලා කල්පනා කලේ "
" ම්..මුකුත් නෑ සාහිල් අමාව මතක් උනා චූටි දූ දැක්කම "
" හහ්.. " සාහිල්ට හිනාවක් යනකොට මන් ඒ මූන දිහා බලලා ඇයි කියලා ඇහුවෙ..
" අමා කොහොම හරි මගෙ ආදරේ ලබා ගත්තා ශෙනූ..ඔයා දන්නවද එදා එයා අන්තිමට කිව්වෙ මොකක්ද කියලා.."
" ම්..මොකක්ද කිව්වේ ?"
" එයා කිව්වා ඔයා කොහොම කිව්වත් දවසක ඔයාට මට ආදරේ නොකර ඉන්න බැරිවෙයි මධව කියලා...අන්න එදාට මන් අද කිව්ව දේ මතක තියා ගන්න කිව්වා...එයා දින්නා ශෙනූ..අද මට එයාට ආදරේ නොකර ඉන්න බෑ....මගෙම දරුවගෙ රූපෙන් එයා මන් ගාවට ඇවිත්...චූටි දූව දකින හැම පාරකම මට එය ඒ කියපු දේ මතක් වෙනවා..අදටත්.."
චූටි දූ දිහා බලාගෙන සාහිල් කියනකොට.....මන් සාහිල්ගේ කම්මුල් වලින් අල්ලන් ඒ මූනට එබුනේ..
" ඒ අමා උනත් කවුරු උනත් ඒ ඉන්නෙ අපෙ දරුවා සාහිල්..ඉතින් ඒ හැමදේම අමතක කරලා දාමු.."
" හ්ම්ම්..මන් ආදරෙයි ශෙනූ "
" මාත් මගෙ මහත්තයාට ගොඩාආආඅක් ආදරෙයි "
ඔවුන්ගේ ජීවිත එසේ සුන්දරව ගලාගෙන යන්න දීලා මන් මෙතනින් නවතින්නම්..එහෙනම් හැමෝටම ස්තූතියි මගෙ කතාවත් එක්ක මෙච්චර කල් රැඳිලා හිටියට ❤️
amaya disasekara...written by shenukawi 🥀♡
YOU ARE READING
The Darkness Of Death 🚫☠️ ( complete )
Terrorමරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️