වෙලාව රාත්‍රි දොලහ පහුවුන තැන...ශෙනූ හිටියේ තද නින්දක..මේ අතර අඳුරු චායාවක් ශෙනූගේ නිවස ලඟට පැමිණිය වග කිසිවෙක් නොදකින්නට ඇති...නැතත් කවුරුනම් දකින්නද ඒ වෙලාව තුල....එක්වරම තද නින්දක උන්න ශෙනූ ගැස්සිලා ඇහැරුනේ කාමරය තුලට ආව සීතල සුලඟට...
.
.
.
කකුලේ අමාරුවත් එක්ක තද නින්දක හිටපු මන් ඇහැරුනේ එකපාරටම ඇඟ ගල්ගැහිලා යන තරම් සීතලට දැනුන හීතලත් එක්ක...මුලු කාමරේම අන්දකාරෙන් පිරිලා...ඇස් පොඩි කරපු මන් වටපිට බැලුවත් එක්කම දැක්කේ බැල්කනි එකේ දොර ඇරිලා..කර්ට්න්ස් හුලඟට උඩ යනවා"ම්..මේක කොහොමද ඇරුනේ...මන් මේක වහලනෙ නිදාගත්තේ.."
...ලාවට වගේ ඇතුලට ආපු හඳ එලිය නිසා කාමරය වෙලිලා තිබ්බ අඳුර ටිකක් අඩු උනත්..මහ ගුප්ත පෙනුමක් තිබ්බේ...ඇඳෙන් බැහැපු මන් බැල්කනි එක ලඟට ගිහින් දොර වහන්න හදනකොටම නැවතුනේ....එලියෙ ගේට්ටුව ලඟ අපැහැදිලි චායාවක් වගේ එකක් දැක්ක නිසා..තව ටිකක් බැල්කනි එක අයිනට ගිහින් ඒ දිහා හොඳට බලන් හිටපු මන් ගැස්සිලා ගියේ පහලින් වීදුරුවක් බිඳෙන සද්දෙට...පපුවට අතක් තියාගත්ත මන් ආයෙමත් ගේට්ටුව දිහා බැලුවත් එතන ඒ තිබ්බ චායාව පේන්න තිබ්බේ නෑ...
" පිස්සුවත් හැදීගෙන එනවද මන්දා මට...ඒත් මන් හොඳටම දැක්කනෙ එතන කාගෙ හරි හෙවනැල්ලක් තියෙනව..."
එතකොටමයි මට මතක් උනේ ඉස්සෙල්ලා පහලින් සද්දයක් ඇහුනා නේද කියලා...බැල්කනි එකෙන් ඇතුලට ඇවිල්ලා දොර වහලා හෙමින් කාමරෙන් එලියට ගිහින්...පඩිපෙලත් අල්ලන් පහලට බැස්සේ පහල සාලෙ ලයිට් එකත් දාන ගමන්....
"දෙයියනේ..!! "
ම්..මේක කොහොමද බිමට වැටුනේ...බිත්තියෙනෙ එල්ලලා තිබ්බේ...බිත්තියෙ ගහලා තිබ්බ මගෙයි සාහිල්ගෙයි වෙඩින් ෆොටො එක..බිමට වැටිලා කුඩුවෙලා ගිහිල්ලා..හදවත වේගෙන් ගැහෙන්න පටන් ගන්නකොට මන් වටපිටාව දිහා සෝදිසියෙන් බැලුවත්...ම්ම්හ් අඩුම හුලඟක්වත් එන්න දොරක් තියා ජනේලයක්වත් ඇරලා තිබ්බේ නෑ...සමහරවිට ඇනෙන් බුරුල් වෙලා තියෙන්න ඇති..මන් මගෙ හිතටම නිදහසට කරුණු කිව්වා...ඒත් අහේතුකවම මගෙ හිතට දැනුනේ මහ බයක්...සාහිල්
YOU ARE READING
The Darkness Of Death 🚫☠️ ( complete )
Horreurමරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️