☠️

60 17 8
                                    


.
.
.
කොල්ල ගෙදර එනකොටත් වෙලාව දොලහටත් ලන්වෙලා..එහෙන් සම්පූර්ණයෙන්ම කොල්ලව තෙමිලා ඇඳුම් ඇඟටම ඇලිලා ගිහින්...ඒත් ඒ ඇස් වල පිරිලා තිබුනෙ බය විතරමයි..තමන් එන්න පරක්කු උන එකත් ඔහුගෙ හදවතට තදින්ම කා වැදිලා තිබ්බා..එකපාරටම කඩාගෙන වැටුන අවිනිශ්චිත වැස්සත් කොල්ලගෙ හිතට එක් කලේ ශෙනූ ගැන බයක්...දඟලලා දඟලලා කොහොම හරි කාර් එක හදාගෙන වේගෙන්ම ගෙදර ඇවිත් ගේට්ටුවෙන් ඇතුලට වාහනේ දාලා ගේ දිහාවට දිව්ව කොල්ල නැවතුනේ ගෙදර එක ලයිට් එකක්වත් දාලා නෑ මුලු ගෙදරම අන්ධකාරයට වෙලිලා..දොර ඇරලා දාලා තිර රෙදි වැස්සටයි හුලඟටයි උඩ යනවා...කොල්ලව වෙව්ලන්න ගත්තා...අඩි ඉක්මන් කරලා කොල්ලා ගේ ඇතුලට ගියේ කෙල්ලගෙ නම හයියෙන් කෑගහලා කියන ගමන්...

" ශෙනූ !!!!! "

" ශෙනූ !!! ඔයා කොහෙද !!! "

පඩිපෙල නැගලා කාමරේට ගියපු සාහිල්ට එතනම ඉන්දවුනේ..සැනසුම් සුසුමක් පිටවෙනකොට..ටික වෙලාවක් එහෙන්මම ඔලුවට අත් ගහගෙන ඉඳගෙන හිටපු කොල්ලා බිත්තියට වාරු දීලා නැගිටලා බැල්කනි එකට වෙලා ඈත බලන් ඉන්න කෙල්ල ගාවට ගිහින් කෙල්ලට කතා කරත් කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නම් නෑ...

" ශෙනූ..." කෙල්ලගෙ උරහිසෙන් අත තිබ්බමයි කෙල්ල කොල්ලගෙ පැත්තට හැරුනේ...ඒ ඇස් මහන්සි පාටයි...මූන මැලවිලා ගිහින් බැල්කනි එකට වැටෙන වැහි බින්දු වලට ඒ මූනම තෙමිලා ගිහින් කෙල්ලගෙ ඇඳුම් පවා තෙමිලා...අත් පවා සීතල වෙලා...ඉක්මනින් කෙල්ලව තමන්ගෙ තුරුලට අරගෙන බදාගත්තේ ඒ හිස්මුදුන පුරා හාදු තවරමින්...

" මොකද මැණික මේ...දොරත් ඇරලා දාලා ගෙදර එක ලයිට් එකක්වත් දාලා නෑ...මෙතනට වෙලා කොන්ඩෙත් කඩාගෙන තෙමි තෙමි ඉන්නෙ...බලන්න ඔයාව සීතල වෙලා හොඳටම.." කොල්ලා කොච්චර කියෙව්වත් කෙල්ල කරේ කොල්ලට තවත් තදින් තුරුලු උන එක...

බැල්කනි එකත් වහලා දාලා කෙල්ලව ගෙනත් ඇඳෙන් ඉන්දලා කොල්ලා ක්ලෝසට් එකෙන් ඇඳුමකුත් අරන් ඇවිත් තුවායෙන් කෙල්ලගෙ තෙමුන කොන්ඩේ පිහදැම්මා...

" ම්ම්.. මේක ඇඳගන්න දැන්..මාත් වොශ් එකක් දාගෙන එන්නම්.."

යන්න ගියපු කොල්ලගෙ අතෙන් අල්ලලා නවත්තපු කෙල්ල කොල්ලගෙ ඇස් දිහා බලලා..

The Darkness Of Death 🚫☠️ ( complete )Where stories live. Discover now