☠️

80 16 9
                                    


සාහිල් උදේම ලෑස්තිවෙලා කොලඹ ගියේ මාවයි ජිමීවයි මෙහෙ තනි කරලා....යන්න එපා කියලා කියන්න හිතුනත් ඒක මන් කිව්වෙ නෑ...මන් නිසා එයාගෙ වැඩ පාඩු කරගන්න බෑනේ....සාහිල් ගියාට පස්සේ මාත් ලෑස්ති වෙලා ජිමීටත් කෑමයි වතුරයි තියලා ඉස්කොලේට ගියා......

................

හවස් වෙලා ගාර්ඩ්න් එකේ මල් පැල වලට වතුර දාලා එහෙම නාගන්න උඩට ගියේ ජිමීවත් නාවලා ඉවර වෙලා...නාගෙන කොන්ඩෙත් තුවායකින් ඔතාගෙන කාමරේ ජනේලෙ ගාව පුටුවෙන් ඉඳගෙන කකුල් දෙකත් උඩට අරන් හරි බරි ගැහිලා ෆෝන් එක අතට ගත්තේ සාහිල්ට කෝල් එකක් දෙන්න හිතන්...දෙපාරක් රින්ග් වෙන්න කලින් කෝල් එක ඉස්සුවා පුදුමයි...

" හෙලෝ සාහිල් "

" හම්මේ මගෙ චූටි ටීචර්ට මාව මතක් වෙලා තියෙන්නෙ දැන් "

" වැඩ ඇරිලා ඇවිත් ජිමීව නැව්වා සාහිල් ඒකරලා මාත් නාගෙන දැන් ඉඳගත්තේ.."

"හපෝ අර වසවර්තියව නෑව්වද "

"ඔව් ඔව් නෑව්වා..ඔයා කෑවද.."

" හ්ම්ම් මන් කෑවා..අම්ම අදත් ඔයාව මතක් කලා "

" මන් ඊයෙ අම්මට කතා කලානේ "

" එයාට ඉතින් මහලොකු දෝනිඅන්දා නැතුව බෑනේ.."

මන් හිනා උනා....ජනේලෙන් එලිය බැලුවම ලාවට මීදුම අතරෙන් ගේට්ටුව ඉස්සරහා කවුරු හරි ඉන්නවා දැක්ක නිසා මන් ජනේලේ ඇරලා හොඳට බැලුවා..ඔව් එතන කව්ද ගෑනු කෙනෙක් හිටන් ඉන්නවා..හරියට පැහැදිලිව නොපෙනුනත් මන් තවත් හොඳින් බැලුවා...

" ශෙනූ !! ඔයාට ඇහෙනවද !! ඕයි කතා කරනවකෝ !!!"

"ආහ්..ප් පොඩ්ඩක් ඉන්න සාහිල් ගේට්ටුව ලඟ කවුරු හරි ඉන්නවා "

"කව්ද ඉන්නේ ? "

" දන්නෑ..ඒක තමා බැලුවේ "

මන් ඇස් පොඩි කරලා ඒ දිහා හොඳින් බලනකොටම එකපාරටම ජනේලේ වැහිලා ගියේ මාව බය වෙලා පුටුවෙනුත් වැටෙනකොට...

" මොකක්ද ඒ සද්දේ !! ශෙනූ කතා කරනවාකෝ !! "

" .න් නෑ සාහිල් ම් මේ එකපාරටම ජනේලේ වැහුනා..මන් හිතන්නේ හුලඟට වෙන්න ඇති.."

" ආහ් ඒක මිසක්..කව්ද ඉස්සෙල්ලා ආවා කිව්ව නේ..දන්නැති කෙනෙක් නම් ගේට්ටුව එහෙම අරින්නෑ හරිද..මන් තියනවා එහෙනම් මීටින් එකට වෙලාව හරි..පරිස්සමෙන් ඉන්නවා.."

" හ්ම්ම්..ඔයත් පරිස්සමෙන් ඉන්න "

කෝල් එක කට් වෙනවත් එක්කම මන් බිමින් නැගිටලා ආපහු ජනේලෙන් එලිය බැලුවත් එතන කවුරුත් හිටියේ නෑ....මට මේ වෙන දේවල් හිතාගන්න බෑ..ඩ්‍රසින් ටේබල් එක උඩ තිබ්බ වාස් එක බිම වැටුනෙත් මන් කන්නාඩිය දිහා බැලුවෙත් එකම වෙලාවෙ..සත්තයි  මට හුස්ම ගන්න පවා අමතක උනා..හීන් දාඩිය දාන්න ගත්ත මට...ඒක වෙන්න බෑ කොහොමද එහෙම....මන් දැක්කා කණ්නාඩියෙන් කාගෙ හරි රූපයක් එහාට යනවා...නෑ නෑ ශෙනූ තමුසෙගෙ මනස්ගාත ඔය..එහෙම දෙයක් නෑ.......කණ්නාඩිය ලඟට ගිහින් වාස් එක ටේබල් එක උඩින් තියලා..බාත්රූම් එකට ගියේ මූන ටිකක් හෝදන් රෑට කන්න හදන්න යන්න...
මූන හෝදන අතරෙත් කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ දැනුනත් මන් හිතන්නැතුව මගෙ වැඩ ටික කරගත්තා...

රෑට මාලු බැදලා පොල් සම්බෝලයක් හදාගෙන බත් කාලා...ජිමිත් එක්කම උඩට ගිහින් මන් ඇඳට පැනලා නිදාගත්තේ ජිමී ඇඳ ගාවින්..නිදාගන්නකොට...

ඇඟට දැනුන සීතලත් එක්ක ඇස් ඇරලා නින්දෙන්ම වගේ වටපිට බැලුවේ ඇයි මෙච්චර සීතල කියලා බලන්න..කාමරේ මුල්ලෙ චායාවක් වගේ දෙයක් නෙට් එකෙන් පෙනෙනකොට..මන් බෙඩ්ශීට් එක තද කරලා අල්ල ගත්තා...හීනි ඉකිබිඳුමක් එක්ක ඒ චායාව ටිකෙන් ටික ඇඳ ගාවට ලන් වෙනකොට...

" ක්..කව්ද..ල් ලඟට එ එන්න එ එපා."

"ක..ව්ද..ඔතන ඉ..න්නේ "

එන්න එන්නම ඒ ඉක්බිඳුන හැඬුමක් වෙනකොට ඒ චායාව ඇඳ ලඟටම ඇවිල්ලා නතර උනා..නතර වෙලා වියරුවෙන් වගේ හිනා වෙන්න ගත්තේ...මගෙ ඇස් වලින් බයටම කඳුලු ගලනකොට...ඒත් එක්කම ඒ චායාව රහසින් වගේ මිමිනුවේ...

" ලේ.. "

මගෙ කන ලඟින්ම ඒ කටහඬ ඇහෙනකොට..මන් තදකරලා මගෙ ඇස් වහ ගත්තා...එකපාරටම අතක් ඇවිත් මගෙ කකුලෙන් තදින් අල්ලනකොට..මන් කෑගහගෙන නැගිට්ටා...

ඉහෙන් කනෙන් දාඩිය දාලා මාව දාඩියටම තෙමිලා ගිහින්...ඒක හීනයක්ද...දෙයියනේ මන් බය උන තරමක්...වතුර බෝතලේ අරන් ඒක එක හුස්මට බීලා දැම්ම මගෙ අතින් බෝතලේ ඇරුනේ..බැල්කනි එකේ ජනේල ඇරලා දාලා හුලඟට කර්ටන්ස් උඩ යනවා.....මට හොඳටම මතකයි මන් ඒවා නිදාගන්  කලින් වැහුවා...ඇඳෙන් බැහැලා ජිමීව බැලුවත් එයා හිටියේ නෑ....බැල්කනි එකේ ජනේලත් වහලා ආයෙමත් ඇඳට ගොඩ උනේ ෆෑන් එකත් ඔන් කරලා....

.
.
.
.
.
.
.
.
.
.
.
.
---------------------------☠️-----------------------------

😈

ඊලඟ එකත් ඉක්මනින් දෙන්නම් 😙

The Darkness Of Death 🚫☠️ ( complete )Where stories live. Discover now