Chapter 1

391 34 7
                                    

"ආර්ර්ර්...මට යන්න දිපියව්ව්...මන් මොකුත් දන්නෙ නෑ"

එක පාරටම කෑ ගහ ගහ හිටපු මනුස්සයා බිම වැටුනේ තව මනුස්සයෙක් ගහපු පාරට...

"තොට යන්න දෙන්න ඔනි නම් අපි අරන් එන්නෙ නෑ නේ...කියපම් බඩු ටික කොහෙදට ද අරන් ගියේ"

"ම...න් කිව්වා නේ මන් දන්නෙ නෑ....මට යන්න දීපම් නැත්නම් මරලා දාපම්"

"තෝ දන්නෙ නැත්නම් අපිද දන්නෙ....ගෙනෙන් ඔය උනු වතුර එක"

"මූ මැරෙයි නේ බොස්.."

"ඒ වගේ ද ලොකු බොස් ආවොත්...තෝ ගෙන්නෙ නැත්නම් මන් කරගන්නම්..."

එහෙම කියන ගමන් ජේක් තමන්ගේ ගෝලයාව පැත්තකට විසික් කරන ගමන් අර හිටපු මනුස්සයා ගෙ ඇගට කිසිම හිතක් පපුවක් නැති විදිහට නටන උනු වතුර එක හැලුවා...
.
.
.
අදුරු කුටියක්..මිනිස්සුන්ගේ වේදනාත්මක කෑ ගැහිල්ල විතරයි...කිසිම සද්දයක් නෑ...ලේ හැමතැනම....අර මනුස්සයා ඉන්න තැන විතරයි පොඩි ලයිට් එක්කින් එලිය උනේ....

"ආර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.......මා....මාව...එක පාර මරපම් මිනිහෝ....තමුන්ලාට හොදක් වෙන්නෙ නෑ.....මැරියම් ඔක්කොම්ම..."

උනු වතුර එක ඇගට හැලුනු වේදනාවෙන් කෑ ගැහුවේ පීට්..ඔහු වෙනත් මාෆියා කන්ඩායමක වැඩ කරන එක්කෙනෙක්...

මේ වෙනකොටත් පීට් ගේ පන බාගෙට ගිහින් තිබුනේ ජේක්ගේ වගේම ඔහුගේ ගෝලයන්ගේ වද හිංසා ඉවසගන්න බැරුව...

පීට් ට තවමත් අදහසක් නෑ කවුද එයාව අල්ල ගත්තේ කියලා...හැබැයි පීට් ට හොදටම විශ්වාසයි ඒ තවත් මාෆියා කන්ඩායමක් කියලා...මොකද පීට් දැනන් හිටියා එයාගේ කන්ඩායම වගේම තවත් මාෆියා කන්ඩායම් ඒ වෙපන් ටික ගන්න බලාන් ඉන්නවා කියලා.

නමුත් පීට් ව එව්ව කන්ඩායමට වාසනාවට පීට් ට බඩු ටික ගන්න හම්බුනාත් පීට් ගෙ අවාසනාවට ඔහුව වෙනත් මාෆියා කන්ඩායමකට අහු උනා...
.
.
.
.
.
.
.
.
ඒත් එක්කම පීට් හිටිය අදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරය ක් හිමි කඩවසම් තරුනයෙක්....

ඔහුගෙ පැමිනිමත් සමග ජේක් ඇතුලු අවට හිටපු ගෝලයෝ එක පාරටම ඔලුව පාත් කරලා ආචාර කරේ පීට් බොද උන ඇස් වලින් බලාන් ඔහුව අදුර ගන්න උත්සහා කරන අතර තුරදී...

💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now