ටික දුරක් යනකම් සේරි මොකුත්ම නොකියා පිටිපස්සෙන් එන ජිමින් ගැන හිතුවා. එකපාරටම කෙල්ල නැවතුන නිසා...කොල්ලාත් නැවතුනා..ඇයි නැවතුනේ බලන්න යන්න හදන්කොටම ජිමින් ලගට ආපු කෙල්ල
"කුමාවො ජිමින්ශි......" කියන ගමන් ලස්සනට හිනා උනා... ගොඩ දවකට පස්සෙ තමා ජිමින් සේරිගෙ මේ හිනාව දැක්කේ....
"ම්ම්ම්ම්" ජිමින්ගෙ උත්තරේට සෑහිමකට පත් උනේ නැති සේරි ආයේ රවලා අනික් පැත්ත හැරුනා..
නිහඩවම කලින් වගේ සේරිගෙ පස්සෙන් ජිමින් සේරිගෙ ගේ ලගටම ආවා....
"සේරි අනික් දවසේ පරිස්සම් වෙන්න බැරි නම් ආයෙ කැෆෙ එකට යන්න ඔනි නෑ තෙරුනාද... "
ජිමින් කිව්ව දේ තෙරුනේ නැති සේරි "ඇයි ඒම කිව්වේ ?"
"මොකද ගොඩාක් අය ඔයාව අල්ල ගන්න බලාගෙන ඉන්නේ ඒක නිසා මගෙන් ඈත් වෙන්න හිතන්න එපා.. එම උනොත් තමුන්ට මැරෙන්න තමා වෙන්නෙ "
ඒ කිව්ව දේට නම් සේරි ටිකක් කලබල උනා....ඒ නිසාම කෙල්ල ආයෙ ජිමින් ලගට දුවන් ඇවිත්...
"වේ ජිමින්ශි ඒම කියන්නේ මන් කාටවත් මොකුත් කරලා නෑ...ඇයි මාව මරන්නෙ.. අනික මාවම අල්ලගන්න බලන් ඉන්නෙ " සේරි හරිම කලබලෙන් ඇහුවා...
තමන්ටම හිනා උන ජිමින් සේරි ගාවට ලං වෙලා සේරිගෙ මූන ලගටම නැවුනා...
"මොකද දැන් ඔයා මගේ.... "
ජිමින් කිව්ව දේට ඇස් උඩ ගිය සෙරි ටිකක් පිටිපස්සට වෙලා..
"මන් ඔයාගෙ උනෙ කවද්ද..පිස්සුද ජිමින්ශි "
ආයේ කෙලින් වෙලා ජැකට් එකෙ පොකට් එකට අත දාගෙන...
"මන් කියන්න ගියේ ඔයා දැන් මගේ ලගම ඉන්න නිසා මගේ තරහා කාරයො ඔයාව නොට් කරන් ඉන්නේ....බොරුනම් හෙමිට ඔයා ඔය ඉන්න විදිහට දකුන බලන්නකෝ...එතන කෙනෙක් හැංගිලා ඉන්නවා...."
ජිමින් කියවා එක්කම සෙරිගෙ ඇස් ලොකු වෙලා ජිමින් කිව්ව විදිහට ම ඒ පැත්ත බැලුවා.. එතකොටම කලුවරෙ ඉදන් කව්දෝ කෙනෙක්ගේ හෙවනැල්ල සේරිට පෙනුනා...
"දැන් පරිස්සමින් ගෙදර යන්න...තෙරුනාද.. මතක තියාගන්න මට පුලුවන් හැමවෙලෙම මන් ඔයාගැන හොයනවා.. මොකද තමුන් එදා මගෙ ජිවිතේ බේරගත්ත එකට... මන් සාමාන්‍යයෙන් මට උදව්වක් කරොත් එහෙම ලෙසියෙන් අමතක කරන්නෙ නෑ..."
YOU ARE READING
💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJM
Fanfictionඅදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරයක් හිමි කඩවසම් තරුනයෙක්.... "ජිමින් ඔයා...." නිදහස් කරපු ගමන් අදුරු කුටියේන් එලියට ඇවිල්ලා කිව්වේ... "ආයිශ් ඒ මොන විකාර ද උනේ...මේ මනුස්සයෙක් නිසා මට මගෙ රස්සාවත් නැති උනා" \\මාෆියාව...