Chapter 8

138 25 4
                                    

මේ අතරේ ජන්කුක් මින්ජිව හැමතැන හෙව්වා... ඒත් එක්කම දොර බාගෙට ඇරලා තිබ්බ කාමරෙකට එබුන ජන්කුක් දැක්ක දේ නිසා කොල්ලාව එතනම ගල් උනා....

"ආ...මි..මියානෙ මියානේ..." ජන්කුක් දැක්කේ කෙල්ලො දෙන්නෙක් කිස් කරන එකක්.....කොල්ලා කෙල්ලො දෙන්නාට සොරි කියලා ආයෙමත් මිජිව හොයනකොට කෙල්ලෙක් කෑගහන සද්දයක් ඇහුන නිසා ආයේ නැවතිලා බැලුවා...

ජන්කුක් දැක්කේ බිත්තිය මුල්ලට වෙලා ගැහි ගැහි බිදුනු බොතල් කට්ටක් තියාන් ඉන්න කෙල්ලෙකුයි එයා ලග වැටිලා ඉන්න මිනිහෙකුයි..

කෙල්ල ජන්කුක්ව දැක්කා විතරයි කොල්ලාගෙ පැත්තට බෝතල් කට්ට දික් කරන් කෑගහන්න පටන් ගත්තා...

"නෑඅ...නෑ...ම..න් මැරුවේ නෑ.. එ..එයා...මට කරදර කරන්න ආවා... ම..න් හිතලා නෙවෙයි.. කරේ...ම...න් මොක..ද කරන්නේ...." කෙල්ල හොදටම ඒ වෙලෙ බය වෙලා හිටියේ ජන්කුක් සැකෙට වගේ කෙල්ල ලගට ලං වෙනකොට සේරි පෙන්නපු පින්තුරෙ හිටිය ගෑනුලමයා වගේමයි...

ජන්කුක්ට තෙරුනා මින්ජි ශොක් වෙලා ඉන්නෙ කියලා ඒ නිසාම කෙල්ල ලගට හෙමින් කිට්ටු වෙලා අතේ තිබ්බ බොතල් කට්ට අයින් කරලා මින්ජිව කොල්ලා ලගට අරන් හග් කරා...මොකද මින්ජි පිස්සෙක් වගේ ඔහේ කියවනවා එයා මැරුවෙ නෑඅ කියලා...

"අනේ...අනෙ..ම..න්...මැරු..වෙ නෑ...හිතලා...මැරුවේ නැ...එයා...එයා..මට... කරදර කරන්න... හැදුවේ ....ඇත්තමයි කිය...න්නේ...."

"ශ්..ශ්... මන් දන්නවා...මන් දන්නවා...බය වෙන්න එපා...ඔයා මින්චි නෙද...සේරිගෙ යාලුවා නේද..."

මින්ජි ජන්කුක් දිහා බලලා ඔව් කියලා ආයෙ බිම ඉන්න මනුස්සයා දිහා බැලුවා...

මින්ජිව ටිකක් එහාට කරලා ජන්කුක් බිම ඉන්න මනුස්සයාගෙ නහය අත ලංකරා හුස්ම ගන්නව ද බලන්න ඒත් එහෙම නෑ...

කෙල්ල දිහා බලලා හුස්මක් අරන් එයාලාගෙ ගාඩ් කෙනෙක්ට එන්න කියලා බොඩි එක අස් කරලා ජන්කුක් එ ගාඩ්ට කිව්වේ එ මිනිහා ගැන විස්තර හොයන්න කියලා....

ජන්කුක් මින්ජිව එක්කන් එයාගෙ වාහනෙ ලගට ආවේ ඒ වෙනකොත් ජිමින් ජන්කුක්ගේ වාහනෙ වගෙම ටේගේ වාහනෙත් එවලා තිබ්බ නිසා...

💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJMWhere stories live. Discover now