"ඔයා කොහෙවත් යන්නෙ නෑ"ජිමින් කිව්ව කතාවට නැගිටලා යන්න ගියපු සේරි හැරිලා ජිමින් දිහා බැලුවා...
"වේ...මිස්ටර්.. මන් යන්න ඔනී..."
ජිමින්ට හිතා ගන්න බෑ ඇයි සේරිට එයා යන්න දුන්නෙ නැත්තේ කියලා....
**මොනාද ජිමින් මේ කියන්න... පිස්සු හැදිලා ද මට අහ්...මේ කෙල්ලට මොනා උනත් ඔයාට මොකද...ආයිශ්...**ජිමින් හිතෙන් එයාටම බැන බැන සෙරිට කියන්න දෙයක් මතක් කරා...
"මේ රෑ තමුන් ආයෙ ගිහින් කරදරයක් කර ගත්තොත් ඒ නිසා හෙට උදෙන්ම ගිහින් දාන්නම් "
ජිමින් කියන එක ඇත්ත කියලා කියන්න ටේ වගෙම අනික් අයත් ඕව් කිව්වා...මොකද ජින් යුමි දෙන්නා ජිමින් සේරිට ඉන්න කිව්ව වෙලෙ ඉදන් හොරෙන් හොරෙන් ජිමින් දිහා බලලා හිනා වෙනවා...
මුලදි ජින් පුදුම උනත් ජිමින්ව තෙරුම් අරන් එයාත් සෙරිට ඉන්න කියලා කිව්වා...සේරිත් අන්තිමේදී හා කියලා නැවතුනේ මේ රෑ කෙල්ලට යන්න ඇත්තමට බැරි නිසා...
"පොඩ්ඩි ඉතින් ඔයාගෙ විස්තර ටිකක් කියන්නකෝ"
යුමි සේරිගෙන් ඇහුවෙ සොෆා එකෙ සෙරිගෙ එහා පැත්තෙන් ඉද ගන්න ගමන්..
" මන් මින් සේරි එතකොට මට වයස 24යි. මන් කවායි කැෆේ එකෙ වැඩ කරන්නේ "
සේරි හරි ලස්සනට හිනා වෙලා යුමි විස්තර කිව්වා...ඒත් එක්කම එතනට ආවේ ටේ..
"නූනා දන්නවා ද මෙයා කතාවෙන් මිනිස්සු අල්ලගන්න හරිම දක්ශයි.." ටේ සේරිව අවුස්සන්න වගේ කියලා දැම්මා...
"යා.. ටේශී ඒම නෑ හරිද මාත් එක්ක කවුරු හරි කතා කරොත් මාත් එයාලා එක්ක හොදින් කතා කරනවා" සේරි බොරු තරහක් අරන් ටේ ට කියලා දැම්මා...
"ඔව් ඔව් ඒක නම් පෙනවා... අනික කිසි ගානක් නැතුව දන්නෙ නැති මිනිස්සුව ගෙදරත් එක්කන් යනවා..දවසක මොනා හරි කරලා ගියාත් දන්නෙ නෑ.. " ජිමිනුත් ජන්කුක් එක්ක ඇවිත් සේරිගෙ ඉස්සරහා වාඩි උනා...
"වේ ඒම කියන්නෙ මිස්ටර් හුහ්.. එදා මන් ඔයාව එක්කන් ගියේ නැත්තම් බලන්න තිබ්බා පාරෙ අයිනේ වැටිලා හිටිය විදිහ..අනික ඔයාගෙ වාසනාවට මන් එතනින් ගියේ.. ඒ නිසානෙ බෙර ගන්න පුලුවන් උනේ තෙරුනා ද මිස්ටර්" සේරි එයා කරපු උදව්ව හෙන ලොකු කමෙන් කියල දැම්මා.. අනික් අයට නම් හිනා..මොකද ජිමින් කියපු දෙයට අනිත් පැත්තට උත්තර දුන්න නිසා...
![](https://img.wattpad.com/cover/336603210-288-k502740.jpg)
YOU ARE READING
💢 𝘽𝙡𝙖𝙘𝙠 𝙃𝙖𝙣𝙙 💢 || PJM
Fanfictionඅදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරයක් හිමි කඩවසම් තරුනයෙක්.... "ජිමින් ඔයා...." නිදහස් කරපු ගමන් අදුරු කුටියේන් එලියට ඇවිල්ලා කිව්වේ... "ආයිශ් ඒ මොන විකාර ද උනේ...මේ මනුස්සයෙක් නිසා මට මගෙ රස්සාවත් නැති උනා" \\මාෆියාව...