Chapter 47

313 68 48
                                    

හියුන්ග් ඔයා පරිස්සමෙන් ගෙදර ආවා නේද? අපි දැනුයි ගෙදර ආවේ එතන වැඩ ටික ඔක්කොම සෙට්ල් කරලා.

ඔව් චිම් මං ඇවිත් ටිකක් නිදාගත්තා. ඒකයි කෝල් එකක් ගන්න අමතක උනේ.

හියුන්ග් එහෙනම් රෑට කාලා ආයේ නිදාගන්න.  හෙට කම්පනී එකේ වැඩකට උල්සාන් යන්න තියනවා කිව්වා නේද?

යාහ්..... මාව නිදි කරවන්නම හදන්නේ මොකද? දැන් නම් ආයේ රෑට කන්න බෑ චිම් මට බඩගිනි නෑ. අනික උල්සාන් ප්‍රොජෙක්ට් එකත් කල් ගියා. මට ඔෆිස් එකේ තව වැඩ වගයක් කරන්නත් තියනවා.

ඒකත් කල් ගියපු එක හොඳයි. මේ හියුන්ග් ඔයා ඔෆිස් එකේ වැඩ ගෙදර ගේන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන්වත් රෙස්ට් එකේ ඉන්න බලන්න. මං එහෙනම් දැන් තියන්නම්. ටේට කෝල් කරලා බලන්න එයත් බලන් ඇති ඔයාගෙන් කෝල් එකක් එනකල්. මං තියන්නම් හියුන්ග් බායි.

බායි චිම්. සුගා හියුන්ග්ටත් කියන්න මං ගෙදර ආවා කියලා.

කෝල් එක කට් කරපු ජින් ඇදෙන් නැගිටලා කිචන් එකට ගිහින් කොෆි එකකුත් හදාගෙන ලැප් එක දිග ඇරගත්තා.















හැමදේම සාමාන්‍ය විදිහට වෙද්දී එක්කෙනෙක්ට නම් ඒක එහෙම වුනේ නෑ.

ජූන් ඔයාට මොකක්ද අනේ වෙලා තියෙන්නේ. හොටෙල් එකට ආව වෙලාවෙ ඉදන් කල්පනා කරනවා. අනික ඔයා ඉන්නේ තරහෙන් මට කියන්න මොකක්ද වුනේ.

ප්ලීස් හ්වසා මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න.

පාඩුවේ ඉන්න දෙන්න හහ්.... එතකොට ඔයාට මාව වදයක්ද ජූන්. ෆන්ශන් එකේදිත් ඔයා හිටියේ අර ජිමින්ගේ කසීන් කවුද අර මේ.... ආහ් ජින් දිහා බලාගෙන. ඇයි ඒ කොල්ලා ඔයාට මොනවද කරේ එච්චරටම ඌ දිහා බලන් ඉන්න තරම්

හ්වසා..... දැන් ඇති ප්ලීස් මගේ තරහා අවුස්සන්නෙ නැතුව දැන්වත් මෙතනින් යන්න.

ජූන් ඔයාට අපේ පැටියා වෙනුවෙන්වත් කාලය ගත කරන්න බැරිද? මං මෙච්චර කැත වෙලා මහත් වෙලා ඉන්නේ ඔයාගේ දරුවෙක් මගේ බඩේ ඉන්න නිසා. ඔයාට තේරෙන්නේ නෑ මං කොච්චර වේදනාවෙන්ද ඉන්නේ කියලා.....

𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚Where stories live. Discover now