A/N
ළමයි කතාවේ හැටියට හ්වසාගේ බබා ජින්ගේ බබාට වඩා මාස තුනක් වැඩිමල්. ඒ කිව්වේ හ්වසාගේ බේබි බම්ප් එකට මාස හයයි ජිනීගේ බේබි බම්ප් එකට මාස තුනයි. මං කලින් ඊට වඩා වෙනස් දෙයක් කියලා නම් ඒක අමතක කරන්න. මට මතක නෑ කොහොමද ඒක ටයිප් කලේ කියලා. ඒ වගේම අද කොටස ටයිම්පාස් කරලා ටයිප් කලේ.
Back to story.
ජින්, ඉන් යොප් දෙන්නා හිටියේ උල්සාන් ප්‍රොජෙක්ට් එකේ ප්ලෑන් එක ගැන ඩිස්කස් කරන ගමන්. ඒ දෙන්නා දැන් සති එකහාමාරක් වෙලේ ඉදන් එකට වැඩ කරන්නේ උල්සාන් වල නැවතිලා. මේ ප්‍රොජෙක්ට් එකට කම්පනීස් තුනක් හවුල් වෙලා තිබුනා. ඒත් නම්ජුන් කිසිම වෙලාවක ජින්ලා එක්ක සමගියෙන් එකට එකතු වෙලා වැඩ කරේ නෑ. එයා බැලුවේ ඉක්මනටම එයාට භාර වෙලා තියන වැඩේ ඉවර කරලා ජින්ලාගේ කොටසත් එයාගේ කම්පනී එකට ගන්නයි. උල්සාන් වල හදන ලොකුම ශොපින් මෝල් එක තමයි මෙයාලා මේ හදන්නේ. නම්ජුන්ගේ හොඳ බිස්නස් පාට්නර් කෙනෙක් වුන ඉන් යොප්ට නම්ජුන්ගේ මේ හැසිරීම ලොකු ප්‍රෙහෙලිකාවක් වුන නිසා එයා ජින්ගෙන් මේ ගැන හැම වෙලාවකම වගේ ඇහුවා. අදත් ඒකමයි,
ජින් ඇත්තටම ඇයි මිස්ට නම්ජුන් අපේ වැඩ කිසිම දේකට ජොයින් වෙන්නේ නැත්තේ. අඩුම තරමේ මේ මනුස්සයට අපිට හෙල්ප් එකක් දෙන්නවත් බැරිද? මහා සෙල්ෆිශ් මිනිහෙක්. මට හිතා ගන්න බෑ නම්ජුන්ගේ හැසිරීම අපේ කම්පනීස් ඩීල් කරද්දී නම් එයා මේ වගේ නෑ ඒත් ඇයි මේ? එයා ඔයාට අකමැතී මන් හිතන්නේ. මං නොදන්න දෙයක් ඔය දෙන්නා අතර වුනාද ජින්?
අහ්..... අ-අනී එහ්-හෙම ම්-මුකුත් න්-නෑ අ-අපි මේ වැඩේ ඉ-ඉවර කරමු නේද
ඉක්-මනට රෑට ඩ්-ඩිනර් එක ගන්න යන්න වෙනවා ක්-කට්ටිය එක්කජින් මං දන්නවා මෙතන මොකක්ම හරි තියනවා කියලා. ඒත් ඒක ඔයා මට කියන්නේ නෑ ඒකට කමක් නෑ පුලුවන් වෙලාවක කියන්නකෝ මට 😄
දෙන්නම එකතුවෙලා ඉක්මනට ප්ලෑන් එකේ වැඩ ඉවර කරලා එයාලගේ හොටෙල් එකෙන් පිට වුනේ නම්ජුන්ගේ උල්සාන් වල තිබුණ හොටෙල් එකකට. අද ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙලා ඉම්න හැමෝටම නම්ජුන්ගේ ගානේ ඩිනර් පාටි එකක් තිබුණා. ඒකට ජින්ට වගේම ඉන් යොප්ටත් ඉන්වයිට් කරා.
YOU ARE READING
𝑴𝒂𝒇𝒊𝒂'𝒔 𝑺𝒆𝒙 𝑻𝒐𝒚
FanfictionOnly fan fiction ⚠️️ 🔞Warning Sexual parts includes Namjin Story 💙💖 Top- Namjoon Bottom- Jin Sinhala fan fiction ⚠️️ If you don't like to ships, Namjin fiction or BL please go back.